බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීතිය කාටත් එකයි… අධිවේගයේ බස් නැවැත්වූ අයටත් බලන් හිටපු පොලිසියත් විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා.. ජනපති සහතික වෙයි!

by editor
මැයි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ මැයි දිනයට පැමිණි පිරිසක් බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවත්වා අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝණය කළ පිරිසට පමණක් නොව,  නොව එම අවස්ථාවේ එම සිද්ධිය නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිලධාරීනට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු අවධාරණය කළේ මේ අකාරයෙන් කටයුතු සිදුවිය යුතු නැති බවය. මේ වනවිට එම බස් රථ ලේඛනය සහ එම බස් රථ භාරව සිටි සංවිධායකවරුන්ගේ ලයිස්තුවක් තමන් ගෙන්වාගෙන ඇති බවත් රටේ නීතියට අනුව ඒ ගැන කටයුතු කරනවා පමණක් නොව පක්ෂය තුළත් මේ පිරිස සම්බන්ධව සාකච්ඡා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සහතික වුනේය.

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදුකලේ දෙරණ 360 දේශපාලන වැඩසටහනට එක් වෙමිනි. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ පොලිසිය බලා සිටිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමින් මේ සිදුකළේ කුමක් ද යන්නත් රජය පොරොන්දු වූ සිස්ටම් චේන්ජ් එක දැන් කොතැනක ද යන්නත් විමසූ විට ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වැරැද්දක් වී ඇති බවත් වැරැද්දට නීතියෙන් කටයුතු කරන බවත්ය.

ජනාධිපතිවරයා සිද්ධිය පැහැදිලි කළේ මෙසේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මම මේ සිද්ධිය සාධාරණය කියනවා නෙමයි. මම බැලුවා මේ ප්‍රශ්නය මතුවෙලා තියන විදිහ. ඒගොල්ල දුර ඉඳන් එන අය. අපි ඒ අයට කියලා තියෙන්නේ සූදානම් වෙලා මැයි දින රැළියට එන්න. මෙතන ඇවිත් කෑම කන්න ලෑස්ති වෙන්න එපා කියලා.

මේ වාහන ගැන මම බැලුවා. මාතරට කතා කළා. හම්බන්තොටට කතා කළා. මොනරාගලට කතා කළා. බදුල්ල සහ අම්පාරට මම කතා කළා ඊයේ රෑ… කතා කරලා මම කිව්වා කවුද බස්, කවුද ඒකේ හිටපු සංවිධායකයා කියලා මට කියන්න කියලා.

එතන වෙලා තියන දේ තමයි වාහන නතර කරන තැන යම් ඉඩ ප්‍රමාණයක් තියනවනේ. ඒ ඉඩ ප්‍රමාණය ඇතුළෙ හිර වෙනවා. ඒ ගොල්ල ටාර්ගට් කරගෙන එන්නෙ මෙතන තමයි ආහාර පාන අරන් සුදානම් වෙන්නේ කියලා. එක් පැත්තකින් ආපු වාහන ඇතුළු කරගන්න ඒ ගොල්ල පාරේ ඉන්නවා. මෙතනින් එලියට ගියපු අය මේ පාරේ ඉන්නවා.

වැරදියි… ඉතාම වැරදියි. ඒ වගේම ඒක බලාගෙන ඉඳලා ඒකට එහෙම ඉඩ දුන්නා නම් පොලිසියත් වැරදියි… දෙගොල්ලන්ටම විනය ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම වැඩ කරන්න බෑ.

මාධ්‍යවේදියා – කා සම්බන්ධව ද විනය ක්‍රියා මාර්ග ගන්නේ.

ජනාධිපතිවරයා – විනය ක්‍රියාමාර්ග ගන්න ඕන එකක් බලන් හිටපු පොලිසියට. අනෙක් පැත්තෙන් බස් නතර කරපු රියදුරන්. අනෙක් පැත්තෙන් ඒකට සහයෝගය දීපු කණ්ඩායම්. මේවට විනය ක්‍රියාමාර්ග ගන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.

මාධ්‍යවේදියා – එතන මාලිමාවේ ක්‍රියාකාරින් ඉන්නවා නේ?

ජනාධිපතිවරයා – ඒක පක්ෂ ඇ.තුළෙ වැඩක් යන්නේ. ඒක අපි භාරගන්න ඕන කොටසනේ. මම පක්ෂ සංවිධායකයෙක්. ඒ නිසා තමයි මම කිව්වේ මේ ගොල්ලන්ගේ ලයිස්තුව මට දෙන්න කියලා. මොකද හැම බස් එකකටම සංවිධායක සහෝදරයෙක් ඉන්නවා. මම ඒ ගොල්ලන්ගේ නාම ලේඛණය එවන්න කියලා තියෙන්නෙ. මොකද ඒක සිදුනොවිය යුතු සිද්ධියක්. එතන තදබදය මට තේරෙනවා. නමුත් පොදු නිතියක් තියනවා.

මාධ්‍යවේදියා – අද ජනාධිපතිවරයා සමග කරන මේ සංවාදයෙන් පස්සේ ඉදිරියේ දි විනිවිද භාවයෙන් මේක කරන්න ක්‍රියාමාර්ග අරන් ඔබතුමා ඒක මාධ්‍ය එක්ක කතා කරනව ද?

ජනාධිපතිවරයා – අනිවාර්යයෙන්ම කතා කරනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොස්ගොඩ පොලිස් භාරයේ සිටි තරුණයා ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට….

Next Post

මුලතිව් අපේක්ෂකයෙක් තමන්ගේ ඡායා රූපය සමග ප්‍රභාකරන්ගේ ඡායා රූපය යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරලා… පොලිසිය පරීක්ෂණ අරඹයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.