පේරු රාජ්‍යයේ පොදු ජනතාවට පෙර දේශපාලකයන්ට කොවිඩ් මර්දන එන්නත් කිරීමේ නින්දිත ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් ඉල්ලා අස්වූ දෙවන ඉහළ නිලධාරියා බවට විදේශ අමාත්‍යවරිය පත්වෙයි.
එලිසෙබෙත් ඇස්ටීට් පසුගිය ඉරිදා සිය නිල සමාජ ජාලයට මුදාහැර තිබුණේ පසුගිය මාසයේදී ඇයට කොව්ඩ් එන්නත ලද බවත් එය ‘බරපතළ අත්වැරැද්දක්’ බවයි.
එම අත්වැරැද්ද හේතුවෙන් තමා දෙවන එන්නත් මාත්‍රාව ලබානොගන්නා බවට ද ඇය පවසා ඇත.
පේරු රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය පිලර් මාසේටි ද පසුගිය සතියේ ඉල්ලා අස්විය. ඒ එරට හිටලු ජනපති මාටින් විස්කාරා ද ඔක්තෝබරයේ කොවිඩ් එන්නත ලබාගත් බවට වන පුවත පළවීමත් සමගය.
පේරුහි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එරට නීතිපතිවරයා විසින් මෙම එන්නත් සිදුවීම සම්බන්ධව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
පොදු ජනතාවට නොදී නිලධාරීන්ට දේශපාලකයන්ට පමණක් කොවිඩ් එන්නත ලබාදීමට විරෝධය දැන් දැන් පේරුහි සමාජය තුළ මතුවෙමින් තිබේ.
රජය පවසා ඇත්තේ ලබන ජුලි මාසය වනවිට මිලියන 10කට පමණ ජනතාවට එන්නත් වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.
ලතින් අමෙරිකානු රාජ්‍යයක් වන පේරු රාජ්‍යය වසංගතයෙන් දැඩි බලපෑමට ලක්වූ තවත් රටකි. එරට රෝහල් පිරී ඉතිරී යද්දි සෞඛ්‍ය සේවකයන්ට පවා කොවිඩ් එන්නත ලැබෙන්නට පටන් ගත්තේ පසුගිය පෙබරවාරි 8 වැනිදා සිට ය. ඒ එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පමණි.







