නතාෂා නෙත්මිණි –
කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමත් සමග ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින් මූලික රෝහල් සියල්ලේම කොවිඩ් රෝගීන් සදහා එක් වාට්ටුවක් වෙන්කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇතැයි රෝහල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් අනුර තිලකසිරි සඳහන් කරයි.
කොවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙනම රෝහල් වෙන් කර ඇතත් ඉදිරි දිනවලදී රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි බැවින් දැනට වෙන්කර තිබෙන රෝහල්වල ඉඩකඩ මදිවිය හැකි බැවින් වාට්ටු වැඩිකර ගැනීමට අදහස් කළ බව ඔහු පැවසීය.
තවද රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් සිය නිවස තුළම රඳවා තැබීමටත් ඔවුන්ව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් අධීක්ෂණය කිරීමත්ට කටයුතු කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වර්තා වේ.