මෙරට ජනගහනයෙන් සියයට 80ක් දෙනා බෝනොව රෝගවලින් පීඩා විඳින අතර ඉන් සියයට 34ක් දෙනා හෘදයාබාධවලින් පීඩා විදින බව බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කළාය.
බෙල්ල දෙපස තදකරන්නාක් මෙන් දැඩිවේදනාවක් දැනෙන්න්න නම් , ඒ වේදනාවත් සමග අත්දෙක ඉහළ සිට පහළ ට වේදනාවක් ගමන් කරන්නේ නම් බඩේ තදබල වේදනාවක් දැනෙන්න නම් උරහිස් ආශ්‍රිතව වේදනාවක් පවතින්නේ නම් එය ඇතැම් විට හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකි යැයි හෘදරෝග විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් කියයි..
මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වූ වහාම පැයක් වැනි කාලයක් ඇතුළත රෝහලක් වෙත යාම අනිවාර්ය බව පෙන්වා දෙන විශේෂඥවරයා, ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාදවීම හෘදයට සිදුවන හානිය වැඩිවන බව ද පෙන්වාදේ.
විශේෂඥවරයා මේ අදහස් පළ කලේ හෙටට (29) යෙදෙන ලොක් හදවත් දිනය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී ය







