අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ජනගහණයෙන් හතරෙන් එකක් වූ දියවැඩියා රෝගීන් ඉතා ඉහළ පිළිකා අවදානමක!

1975 දී කිලෝ 07ක් ව වාර්ෂික සීනි පරිභෝජනය 2023 වනවිට කිලෝ 30ක් වෙලා…

by editor
මැයි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

වසර 1975දී මෙරට ඒකපුද්ගල සීනි පරිභෝජනය වසරකට කිලෝ 7ක් වුවද එය වරස 2023 වන වට මෙය කිලෝ 30ක්වා වැඩිව ඇති බව සීනි පර්යේෂණායතනය කළ සමික්ෂණයකින් තහවුරු වී ඇති බවත් මෙය හතර ගුණයකටත් වඩා වැඩි බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සේනක ගමගේ  පෙන්වාදේ.

ආසියාවේ දියවැඩියා රෝගීන්ගෙන් වැඩිම අනුපාතිකයක සිටින රට ශ්‍රී ලංකාව බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, රුහුණු හා රජරට විශ්ව විද්‍යාලයන් එක්ව කරන ලද පර්යේෂණයෙන් තහවුරු වීම අරුමයක් නොවන බවද හෙතෙම සඳහන් කරයි.

මෙම පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 23ක් හෙවත් ආසන්න වශයෙන්  ¼ ක්  දියවැඩියා රෝගීන් බවත් තවත් මිලියනයක් පමණ තමන් දියවැඩියා රෝගයෙන් පීඩා විදින බව නොදන්නා බවත් යැයි ඔහු පවසා සිටියි..

මෙම පර්යේෂණයෙන් තවදුරටත් තහවුරු වන්නේ ආර්ථික මර්මස්ථානයන් වන කොළඹ නගරයේ ජනගහනයෙන් සියයට 31ක්, ආසන්න වශයෙන්   1/3  ක්ම දියවැඩියා රෝගීන් බව  සනාථ වී ඇතැයිද විශේෂඥවරයා පෙන්වා දෙයි. 

කාන්තාවක් නම් දිනකට ගත යුත්තේ සීනි තේ හැදි 6ක් වන අතර පිරිමියෙක් නම් එය දිනකට 9ක් බව තහවුරු කළද ඇතැම් පැණි බීම වල සීනි තේ හැදි 10ක් පමණ අන්තර්ගත වන බවද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බිස්කට්, පාන් , පැණිරස කෑම , පැණි බීම, තේ, කෝපි ආදිය ආහාරයට ගැනීමට මගින් දිනකට සීනි තේහැදි 20ට අධික ප්‍රමාණයක් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළත් වන බව වෛද්‍ය සේනක පෙන්වාදේ.

කෙසේ නමුත් සීනි අධි පරිභෝජනය හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය ගැටලු ගණනාවක්ම මතු වඇති  බවත්  ඉන් ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන දියවැඩියාවට අමතරව පිළිකාව වර්ධනය වීමටද ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව හෙතෙම පෙන්වාදේ.

අසාමාන්‍ය සීනි පරිභෝජනය හේතුවන් යම් පුද්ගලයෙකුගේ සිරුරේ පවතින පිළිකා සෛලයක් වේගයෙන්  පෝෂණයන් වී වර්ධනය වීමටත් පැතිරීමටත්   උත්තේජකයක් වන බව   වෛද්‍යවරයා කීවේය.

ඉන්සියුලින් ප්‍රතිරෝධිතාවය පිළිකා සෛල වර්ධනයට හේතුවක් වන බවද සොයා ගෙන ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

එ‌‌සේම සීනි අධි පරිභෝජනය ගලනාලයේ සහ අග්න්‍යාශයේ පිළිකා වර්ධනය හේතුවක් වී ඇති බව සොයාගෙන ඇතැයි ද ඔහු කීවේය.

 එසේම ස්ථුලතාවය, හෘදරෝග, විශාදි තත්ත්වය , ඉක්මනින්   වයස්ගත පෙනීමක් ඇතිවීම , අක්මාවේ තෙල් තැන්පත්විම වැනි රෝග තත්ත්වයන් අතිවන බවද  ඔහු පෙන්වා දුන්නේය.

දේශීය සීනි අවශ්‍යතාවන් සියයට 14ක් පමණක්  මෙරට නිෂ්පාදනය කරන අතර  ඉතිරි සියයට 86ම විදේශයන්ගේ ආනයනය කරන බැවින් අප රට සතු විශාල මුදලක්  විදේශ රටවල් වෙත ඇදී යන අතරම අපගේ සෞඛ්‍යයට වන හානිය විශාල වීම තුළ සෞඛ්‍ය පද්ධතියට එය දරාගත නොහැකි වැයක් යැයි ඔහු  කීවේය.

එසෙම මෙම කරුණු සියල්ලම සලකා බලා හැකි  පමණ සීනි පරිභෝජනය අඩු නොකළහොත් රෝගී  ජාතියක් ලෙස ඉදිරියේදී අපට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් ‌තව තවත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය  සේනක ගමගේ අවධාරණය කළේය.

..

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රත්තරන් සබ්‍රි” ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න පක්ෂ නායකයෝ යෝජනා කරති!

Next Post

කිසිම චෝදනාවක් ඔප්පු වී නෑ… විනය ක්‍රියාමාර්ග අවසන්… වෛද්‍ය ෂාෆි වහාම යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය ලේකම්ට දන්වයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.