අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටෙන් සමාව අරන් කොන්දේසි නැතිව සියලුම දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡාවකට එන්න – රනිල් ආණ්ඩුවට කියයි

හරි මාර්ගයේ ගියොත් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකියි....

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් ඇමතිවරයා රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුව කළේ කුමක්දැයි විමසන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුව ජාතියෙන් සමාව ගත යුතු බවත්, විපක්ෂය ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය ගැන රටෙන් සමාව ඉල්ලන බව ප්‍රකාශ කරයි.

බංකොලොත් වූ රටක පරණ අවුරුද්ද ගතකරමින් අලුත් අවුරුද්දේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ගොඩනගමුයි ප්‍රාර්ථනා කරමින් හිටපු අගැමතිවරයා අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමින් මෙසේ ද පවසයි.

ඩොලර් මිලියන 200ක විදේශ ණය  එන සතියෙ ගෙවන්ට බැරිවෙනනිසා රජය විදේශ ණය සියල්ලක්ම ගෙවීම අත් හිටුවලා තියනවා.

මේකෙන් කාරණා කීපයක්ම මතුවෙනවා. බැංකුවලට තියන බර තවත් වැඩිවෙනවා. ණයවර ලිපි ඇතිකිරිමේදීත් ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රකාශයෙන් ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකාව බං‍කොලොත් කියලා.

මෙහි අයහපත්  බලපෑම් කීපයක් තියනවා. විශේෂයෙන්ම ණය ඒකපාර්ශ්විකව නොගෙවන්න තීරණය කළාට අනෙක් කණ්ඩායම් පිළිගනීද කියන ප්‍රශ්නයක් තියනවා.

උසාවියට යන්න පුලුවන්. සමහර රටවල් විරුද්ධ වෙන්න පුලුවන්. මේ ප්‍රශ්න ගැන වොෂින්ටන් ගියාම අපට අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒක මුදල් ඇමති තුමාගෙ වගකීමක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව මැයි මැද වනවිට ඉන්ධන ණය අවසන් වෙනවා.  ඉන්ධන අවසන් වෙනවා. රටේ සම්පූර්ණ ආර්ථිකය අත්හිටුවනවා. ජූනි වනවිට පුද්ගලික අංශයටත් ව්‍යාපාර ගෙනියන්න බැරි වෙනවා. මේ අයට ජීවත් වෙන්ට වැටුප් ගෙවන්ට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ගෙදර ආර්ථිකයට විශාල පහරක් වදිනවා. කොහොමද ඒකෙන් නැගිටින්නෙ තියෙන්න කියලා ගෙවල්වලින්ම හිතන්න වෙලා තියෙන්නේ.

අපේ මුදල් ඇමතිතුමා අපි බංකොලොත් කියලා ප්‍රකාශ කරනකම් මේ ආණ්ඩුව මොකක්ද කළේ. මේ ආණ්ඩුව මේ බංකොලොත් භාවයට විශේෂයෙන්ම වගකියන්න උවමනයි.

විශේෂයෙන්ම මේ පිලිබඳ වහාම  රටේ ජනතාවට තමන්ගෙ කණගාටුව ප්‍රකාශ කරන්න. ඉන් පසු කොන්දේසි නැතිව අනෙක් දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරන්න උවමනයි.

ගිය සතියේ පාර්ලිමේනුතුවෙ හැසිරීම සම්බන්ධව විපක්ෂයක් ලෙස අපි රටෙන් සමාව ඉල්ලන්න උවමනයි. විශේෂයෙන්ම සම්ප්‍රදායික විපක්ෂයේ වැඩසටහන් වලින් විසඳුම් ලැබෙන්නෙ නෑ. ඡන්දයක් ලැබුණත් ව්‍යවස්ථාව වෙනස් කළත් එය මේ බංකොලොත් භාවයට විසඳුමක් නොවෙයි.

ආණ්ඩුව එක්ක සාකච්ඡා කරනකොට කොන්දේසි ඇතුළත් කරන්න පුලුවන්. අපි සියලු දෙනා තිත්ත ඇත්තට ඇහුම්කන් දෙන්න තියනවා. එයින් පැනලා යන්න බෑ. එයින් පැනලා ගියොත් අපි අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙනවා.

අප මතක තියාගන්න ඕන, ලෙබනන් රට සමග අයි.එම්.එෆ් ගිවිසුමට එද්දි ඒ සියල්ල පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්න ඕන කියලා කොන්දේසියක් ඔවුන් ලෙබනනයට  දැම්මා. අපටත් ඒකට මුහුණ දෙන්න සිදුවෙයි

අපි ඉන්නෙ අමාරු තැනක. පරණ අවුරුද්ද අවසන් කරන්නෙ බංකොලාත්භාවයෙන්. අපට ජාත්‍යාන්තර සහයෝගය උවමනයි. ජාත්‍යාන්තරයට බැනලා මේ කටයුත්ත  කරන්න බෑ.

අමාරු කාලයක් තියෙයි. ඊට අප මුහුණ දිය යුතුයි. අපට තියෙන්නේ මේ බංකොලොත් භාවයෙන් පුලුවන් තරම්  ඉක්මනින් නිදහස් වෙන එක. මීට වඩා ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන එක.

ඒක අපට කරන්න පුලුවන් අපි හරියට තීරණ අරන් හරි මාර්ගයේ යනවා නම්.

පරණ අවුරුද්ද අවසන් කරන්නෙ බංකොලොත් භාවයකින්.

ඒත් අලුත් අවුරුද්දට අපි හැම කෙනාම අධිෂ්ඨාන කරමු මේ ආර්ථිකය ගොඩගනිමු කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට ජනාධිපති කළ අනියත මැදිහත්වීම ඔහු සාධාරණීකරණය කරන්නේ කෙසේ ද?

Next Post

ලිට්‍රෝ ගෑස් සමාගම සේවකයින්ට දින 05ක් නිවාඩු දෙයි… නැකතට ලිප ගිනි මොළවා ගත නොහැකි අවුරුද්දක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.