බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටත් ජනතාවත් අනතුරේ හෙළමින් එන්නත ගැන පැතිරෙන මිත්‍යා කතා…

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය චන්දිම ජයසිංහ- 

Moderna එන්නතේ 3වන මාත්‍රාවේ අවශ්‍යතාවය ගැන කියැවෙන පර්යේෂණ වාර්තාවක්, ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් හරහා වැරදි අර්ථරූපණයක් එන ආකාරයෙන් ප්‍රකාශයට  පත් කෙරුනා.

2021-09-16 දින එම ප්‍රවෘත්ති ප්‍රකාශය”  හරහා #COVID19 මර්දන එන්නතක් වන #Moderna පිළිබඳ විදෙස් රටක සිදු කරන ලද පර්යේෂණ වාර්තාවක් පිළිබඳ පහත ආකාරයට වාර්තා වුණා.

“කොවිඩ් මර්දන එන්නත්වල 3 වෙනි මාත්‍රාවක් ලබාදීම කෙරෙහි ලොව පුරා රට වල වැඩි අවදානයක් මතුවෙමින් තිබෙනවා. මේ අතර කොවිඩ් මර්දන Moderna එන්නත පිලිබඳ නවතම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන්නෙ, පූර්ණ එන්නත්කරණයෙන් වසරකට පමණ පසු ප්‍රතිශක්තිය පහළ යාමේ තත්වයක් දක්නට ඇති බවයි.”

මෙය අද වන විට #TikTok, #WhatsApp වැනි සමාජ මාධ්‍ය හරහා:

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“Moderna එන්නතේ පැටිකිරිය හෙලිවේ. සාමාන්‍ය ප්‍රතිශක්තිය නැතිවුනාම කොහොමද ඇඟ ලෙඩකට මුහුණ දෙන්නේ??? වගකියන්නේ කවුද?” යන ප්‍රකාශයද සමඟ වේගයෙන් පැතිර යනවා.

වේගයෙන්  ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික එන්නත්කරණ වැඩසටහන මුලු ජනගහනයෙන් 50%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කර කොවිඩ් අතුගා දැමීමේ සටනේ අවසන් අදියරට ලඟාවෙමින් සිටින අවධියක මෙවැනි විකෘති  ප්‍රවෘත්ති මඟින් ජනතාව නොමඟ යැවීමෙන් සිදුවන හානියට වග කියන්නේ කවුද?

මෙහිදී උපුටා දක්වන ලද ප්‍රවෘත්ති ලිපිය පහතින් දක්වන්නම්.

Moderna’s Case for a COVID-19 Booster Shot: Its Vaccine Protection Wanes by 36% After 12 Months, According to a New Study

http://time.com/6098479/moderna-covid-19-booster-shot

Original research paper:

http://investors.modernatx.com/…/moderna-highlights-new…

“Studies from COVID-19 vaccine makers and public health officials have been suggesting for a while that protection provided by the vaccines wanes over time. In a new study published on Sept. 15 to a preprint server—the study is not yet peer-reviewed—researchers at Moderna, which makes one of the two mRNA COVID-19 vaccines (the other is from #Pfizer-BioNTech), report that people vaccinated within the last eight months had 36% fewer breakthrough infections than those who were vaccinated a year ago.

The results, Moderna says, suggests protection wanes over time, which is why the company submitted data to the FDA to authorize a booster dose to provide better protection against COVID-19.”

“කාලය ගතවීමත් සමඟ කොවිඩ් මර්දන එන්නත් මඟින් ලබා දෙන ආරක්‍ෂාව හීන වන බව මීට පෙර කරන ලද පර්යේෂණ වලින් හෙලිවූ සංසිද්ධියකි. සැප්තැම්බර් 15 දින ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකට අනුව, mRNA කොවිඩ් මර්දන එන්නත් දෙකක් ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයවලුන්ගෙන් (දෙවන එන්නත Pfizer වෙතින්), පසුගිය මාස අට තුළ එන්නත් ලබා දුන් පුද්ගලයින්ට, වසරකට පෙර එන්නත ලබා දුන් අයට වඩා 36% අඩු ප්‍රතිශතයකින් කොවිඩ් ආසාදන ඇති වී තිබේ. ඉහත ප්‍රතිඵල අනුව Moderna සමාගම පවසන්නේ කාලයත් සමඟ එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව හීන වන බවත්, එම නිසා කොවිඩ්-19 ට එරෙහිව වඩා හොඳ ආරක්‍ෂාවක් සැපයීම සඳහා බූස්ටරයක් ලෙස 3වන මාත්‍රාවකට අනුමැතිය ලබා ගැනීම සඳහා FDA ආයතනය වෙත දත්ත ඉදිරිපත් කරන ලද බවත්ය.”

ඇත්තටම මේ පර්යේෂණයෙන් මොකද කියන්නේ?

අද වන විට නිපදවා ඇති කිසිම කොවිඩ් මර්දන එන්නතකින් ජීවිතාන්තය දක්වා ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. දල වශයෙන් මාස 6-12ක් වගේ කාලයක් ආරක්ෂාවක් ලැබෙනවා කියලා අපි අනුමාන කරනවා. ‍මේ ගැන දිගටම පර්යේෂණ කටයුතු කෙරෙනවා.

මේ පර්යේෂණයෙන් කියන්නේ කාලයත් සමඟ Moderna එන්නතෙන් කොවිඩ් රෝගයට එරෙහිව ශරීරයට ලැබෙන ප්‍රතිශක්තිය අඩු වෙනවා කියන එකයි. ඒක මේවන විට තිබෙන සියලු කොවිඩ් මර්දන එන්නත් වලට පොදු සංසිද්ධියක්. ඒ කියන්නේ ලඟදි එන්නත්කරණ කරපු අයට කොවිඩ් වලට මුහුණ දෙන්න ලැබෙන ආරක්ෂාව වැඩියි.

එතකොට එන්නතෙන් ඇති කරපු ප්‍රතිශක්තිය අඩු වෙන එකට මොකද කරන්නේ? Booster dose/3වන මාත්‍රාව කියන්නේ මොකද්ද?

Booster එන්නතක් නැතිනම් 3වන මාත්‍රාවක් නිසි කලට ගන්න වෙනවා. අපි මීට කලිනුත් විවිධ රෝග වලට #booster එන්නත් අරන් තියෙනවා. මතකද මලකඩ කාපු ඇණයක් කකුලේ ඇනුනම Tetanus Toxoid කියන එන්නතේ booster එකක් ගහගත්තා? ඒ එන්නත ඔයාට අවුරුදු 12දි තමයි අවසාන වශයෙන් ලබා දී තියෙන්නේ. ඒකේ ප්‍රතිශක්තියත් වසර 5ක් විතර යනකොට නිමා වෙනවා. ඉතින් වයස අවුරුදු 20කදි නැවත නිරාවරණයක් උනොත් ඔයාට booster එන්නත් අරගෙන පරණ ප්‍රතිශක්තිකරණ update කරගන්න වෙනවා. කොවිඩ් වලත් එහෙමයි. සමහර විදේශ රටවල influenza වගේ රෝග වසංගත තත්වයට පත්වෙන එක නවත්වන්න seasonal flu shot එක කියන booster dose එක කලින්ම ගහලා curve එක flat කරනවා. මේ ගැන පිටරට වල ඉන්න යාලුවො වැඩි විස්තර කියාවි.

එතකොට මේකෙන් අපේ ස්වභාවික ප්‍රතිශක්තියට මොකුත් වෙන්නේ නැද්ද?

නෑ. කිසිම හානියක් වෙන්නේ නෑ. එන්නතකින් වෙන්නේ ඔයාගේ ස්වභාවික ප්‍රතිශක්තියට අදාළ රෝගය හඳුනාගන්න අවශ්‍ය තොරතුරු දීලා එයාව ඉදිරියේදී එන්න පුලුවන් attack එකකට සූදානම් කරන එක විතරයි. Computer එකක උනත් anti virus software එකක් තිබ්බට වැඩක් නෑ එකේ virus definitions නැතිනම් virus ගැන අලුත්ම තොරතුරු ගැන software එක update කළේ නැතිනම්.

ඉතින් මේක කියවන ඔයා බොහෝවිට මේ වන විට එක් එන්නතක්, නැතිනම් දෙකම ලබාගෙන ඇති. දැන් ඔයාගෙ වගකීම new update එකක් booster dose එකක් හරහා ශරීරයට ලබා දීලා, එයාව අනාගතයට සන්නද්ධ කරලා සූදානම් කරන එකයි.

ලබන වසර මුලදී අපිටත් බොහෝ දුරට booster doses ලැබේවි.

මතක තියාගන්න: ශ්‍රී ලාංකික එන්නත්කරණ වැඩසටහන මේ වන විට මුලු ජනගහනයෙන් 50%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කරලා ඉවරයි.

අපේ රටේ බුද්ධිමත් ජනතාව තමන්ට නොමිලේ ලැබුනු මුල් අවස්ථාවේම එන්නත උනන්දුවෙන් ඉක්මණින් ලබා ගත් නිසා වගේම, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල දැඩි කැපවීම මත තමයි අපි මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ මේ ජයග්‍රහණය ලඟා කර ගත්තේ. අපි ගාවට එන්න අමාරු වයෝවෘධ අම්මලා තාත්තලා හොයාගෙන දුෂ්කර ගම්මාන වලට ගිහින් ඔවුන්ට පවා අපි එන්නත් ලබා දුන්නා.

අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අපේ දරුවන් සහ වයස අවුරුදු 30ට අඩු අය පොඩි ප්‍රතිශතයක් විතරයි.

20-30 තරුණ ඛාණ්ඩය යුහුසුලුව මේ දවස් වල එන්නත්කරණට පෙල ගැහිලා ඉන්නකොට අපිට අපේ අනාගතය ගැන ලොකු සුරක්ෂිතභාවයක් දැනෙනවා. දැනටමත් පසුගිය මාසයේ ඉහළ ගිය මරණ සහ රෝගී ප්‍රතිශත ක්‍රමයෙන් පහළ එමින් පවතිනවා.

අපිට එක්ව කොරෝනා සටන ජයගත හැකියි. වැරදි තොරතුරු බෙදා නොගනිමු.

එන්නත් ගැන ඔබට ඇති ගැටලු අපි සාකච්ඡා කර සැක හැර ගනිමු.

වගකීමෙන් යුතු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සන්නිවේදනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනයට කැපවුනු ර‍ජයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ (Health Promotion Bureau) Facebook පිටුව follow කරන්න.

(වෛද්‍ය චන්දිම ජයසිංහගේ http://facebook.com/DrChandima ෆේස් බුක් පිටුවෙන්  උපුටා ගැනුණි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක් මාත්‍රාවකට අත්සන් ගෙන ලබා දුන් ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව අද සිට…

Next Post

එල්ලී මිය ගියා යැයි කී 14 හැවිරිදි දරුවා පහර දී ඝාතනය කරලා?… පොලිසිය පරීක්ෂණ අරඹයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.