බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට නොගැලපෙන  පරීක්ෂණ මට්ටමේ ඩෙංගු එන්නතක්  ගෙන්වන්න සැලසුම් කරයි ද?…

කොමිස්වලට අන්ධවීමේ සීමාවක් තිබේ… පණ අදින ජාතියක් මරණ මංචකයේ දී දූෂණය නොකරන්න…

by editor
මැයි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසර 20ක පමණ කාලය සිට ඩෙංගු  රෝගය පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේය.   මහාචාර්ය නීලිකා මලවිගේ,  මහාචාර්ය චන්දිම ජිවන්දර ප්‍රමුඛ කණ්ඩායම  මෙම පර්යේෂණ මෙහෙයවති.

ඩෙංගු රෝගය පිලිබඳව කරන ලද පර්යේෂණ වාර්තාවක්  මහාචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් පිරිසක්  පසුගිය දා  සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කර තිබුණහ. පරික්ෂණයන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජාන විශ්ලේෂණ හා අසාත්මිකතා අංශයෙන් සිදුකළද දත්ත වාර්තාවන් එළිදැක්වූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. මේ පර්යේෂණය සිදුකරන්නේ    දැනට පර්යේෂණ මට්ටමේ පවතින  ඩෙංගු එන්නතක් රටට ගෙන්වීමට ඇති ඉඩකඩ සොයා බලන්නටය.       ඩෙංගු පැතිරෙන විට මෙරටට ගෙන ඒමට යෝජිත එන්නත   පිලිබදව හොඳ අවබෝධයක්  සෞඛ්‍ය අමාතයංශයට ලබා දීමට පර්යේෂකයෝ මෙම විද්‍යාත්මක පර්යේෂණය සිදුකළහ.  

මෙම දත්ත වාර්තාවන්ට අනුව වසර 14ට පසුව ඩෙංගු තුන්වන කාණ්ඩයේ  වයිරසය පැතිර යමින් ඇත.  මෙම නව වෛරස් ප්‍රභේදයකි.    රෝගීන් විශාල වශයෙන් වාර්තා විය හැකි බව අධ්‍යක්ෂජනරාල්වරයා  අනතුරු  අඟවන්නේ එම දත්ත මතය. ගෙන්වන්නට යන එන්නත ගැන කතා කරන්නට පෙර මේ රටේ ඩෙංගුවල ස්වරූපය පිළිබඳ අදහසක් ලබා ගැනීම වැදගත්ය. 

 dengue

  • තුන්වන ඛාණ්ඩයේ වයිරසය පිළිබඳ විද්‍යාත්මක අදහස 

මුලින්ම  මේ වසර තුළ තුන්වන කාණ්ඩයේ ඩෙංගු වයිරසය පැතිර යාමත් සමග රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීමක් සිදුවීම වෛද්‍ය විද්‍යානූකූලව පැහැදිලිකරගත යුතුය. විෂය පිළිබඳ ප්‍රමාණිකයෝ මේ සම්බන්ධව බොහෝ කරුණු හෙළි කරති.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඩෙංගු රෝගය  ඩෙංගු වයිරස් කාණ්ඩ 4කින් සෑදෙන්න වසංගත රෝගයකි. මදුරුවෙකු මාර්ගයෙන් පතුරුවන මෙම රෝගය  වර්ෂ 1965 – 68 කාලය තුළ හදුනා ගැනුණි.  එම කාලය තුළ රෝගීන් 51 දෙනෙකු වාර්තා වූයේය.    ඉන් රෝගීන් 15ක් මිය ගියහ.   වසංගත රෝගයක් ලෙස සෞඛ්‍ය අංශය මෙය වාර්තා කළේ වසර 1966 දීය.

එක් එක් වසර තුළදී විවිධ වයිරස් කාණ්ඩයන් යටතේ ව්‍යාප්ත වන ඩෙංගු රෝගය පුද්ගයින් දහස් ගණනකට ආසාදනය වෙමින් පැවතිනි. කෙසේ නමුත් ආසාදනයවන පුද්ගලයින්ගෙන් සියයට 90ක් පමණ දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සුවපත් වූහ. 

මෙසේ රෝග ලක්ෂණ මතු නොවුවද ඩෙංගු වයිරස් ශරීර ගත වූ පසුව එම වයිරසයට එරෙහිව සිරුර තුළ නිපදවෙන් ප්‍රතිදේහ එම කාණ්ඩයේම වයිරසයට ශරීර ගත වුවද නැවත හිස එසවීමට  ඉඩ ලබා දෙන්නේ නැත. නමුත් වෙනත් ඩෙංගු කාණ්ඩයේ වෛරසයක් ශරීර ගත වුවහොත් එයට විරුද්ධව නැගී සිටීමට සිරුර තුළ ඒ වනවිට ඇතිවී  පවතින ප්‍රතිදේහ වලට හැකියාවක් නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු වයිරස්ය පුද්ගලයින් අතර වේගයෙන් පෑතිර යාමට පටන් ගන්නේය. 

දැනට රට තුල නිර්මාණය වී ඇත්තේ මෙවැනි පසුබිමකි. 

වර්ෂ  2009දී ඩෙංගු  දෙවන හා තුන්වන   කාණ්ඩයේ වයිරස පැතිර ගිය අතර එකවරම ඩෙංගු පළමු කාණ්ඩයේ වයරස පැතිර යන්නට විය. මෙහි ප්‍රතිපලයක් වූයේ පුද්ගලයින් බොහෝ දෙනෙකු වයිරසයට ගොදුරු වීමය.  

මේ අනුව වසර 2016 වන තෙක්ම රටතුළ   පලමු කාණ්ඩයේ ඩෙංගු වයිරසය පැතිර ගියේය. වසර 2017 වන වන මෙතෙක් පැවති දරුණුතම ඩෙංගු වසගතය ලෙස ඩෙංගු දෙවන කාණ්ඩයේ වයිරස පැතිරුනේය. ඒ ලක්ෂ දෙකකට ආසන්න පුද්ගලයින් පිරිසක් රෝගීන් බවට පත්කරමිනි.  එවැනි වසංගත තත්ත්වයක් අද වන විට රටතුළ නිර්මාණය කිරීමට තුන්වන  ඩෙංගු වයිරස් කාණ්ඩය ක්‍රියාත්මක වෙමින් පවතින්නේය. මේ බව කරන ලද පරික්ෂණවලින් තහවුරු විය.

ඩෙංගු තුන්වන වයිරස් කණ්ඩය වසර 2009දී පැති ගිය අතර  නැවත   වසර 14කට පසු ව්‍යාප්ත වීම විශේෂඥයින් පෙන්වා  දෙන්නේ වසර 2017ට එහා ගිය අධිවසංගත තත්ත්වයක් නිර්මාණය කළ හැකි බවකි.

  •  තුන්වන කාණ්ඩයේ ඩෙංගු වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයේ  ස්භාවය 

ගිය වසරේ අග භාගය තුළ හා මේ වසරේ මුල්මාස කීපය තුළ   ඩෙංගු  රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණ බැවින් පැතිර යන වෛසරස් කාණ්ඩය කුමක්ද යන්න නිවැරදිව දැන ගැනීමට සඳහා  සිදුකළ පරික්ෂණයේදී ඩෙංගු තුන්වන කාණ්ඩයේ වෛරසය පැතිර යන බව තහවුරු විය . 

මෙම කාණ්ඩය දරුවන් අතර කෙසේ බලපෑමක් ඇතිකරයිද යන්න පිලිබඳව වැඩිදුරටත් පරික්ෂණ ක්‍රියාත්ම විනි .

මේ අනුව  පළාත් 9 ම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 9කින් තෝරාගත්  පාසල් ළමුන් අතර මෙම පරික්ෂණය ක්‍රියාත්මක කළේය. මෙහිදී නාගරික, ග්‍රාමීය සහ කඳුකරයේ  වතු ආශ්‍රිත පාසල් 146කින්   අවුරුදු 9 – 18 අතර වයස් කාණ්ඩයේ  ළමුන් 5028ක නියැදියකින්    මෙම පරික්ෂණය සිදු කළේය.   මෙහිදී දරුවන්ගෙන් ලබා ගන්නා රුධිර සාම්පල පරික්ෂාවට ලක්කර කළේය. ‍

  • මහාචාර්ය චන්දිම ජීවන්දර ගේ නිරීක්ෂණය

“දරුවන්ගෙන් සියයට 24.8කගේ ශරීරයේ ඩෙංගු වෛරසයට ඔරොත්තු දිය හැකි වන සේ ප්‍රතිදේහ ගොඩ නැගී තිබුණා. . නමුත්  සියයට 75කම දරුවන්ගේ සීරුරේ ප්‍රතිදේහ ගොඩ නැගී  තිබුනේ නැහැ. ඒ නිසා   ඩෙංගු රෝගය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකි බව අනුමානකෙරෙනවා”.

මහාචාර්ය චන්දිම ජීවන්දර

“මෙම පරික්ෂණය තුළදී පැහැදිලි වූණ තවත් කරුණක් වූයේ සාමාන්‍යයෙන්  ඩෙංගු රෝගීන් වාර්තා වන  අඩුම දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය ලෙස හදුනා ගෙන තිබුණද   වැඩිම ප්‍රතිදේහ ප්‍රමාණයක් පැවති දරුවන් සිටියේ ත්‍රීකුණාමලයේ යි.  ප්‍රතිදේහ හැදෙන්නේ වෛරසයක් ශරිරගත වුනාම ඊට එරෙහිව සටන් කරන්න. ඒ කියන්නෙ ත්‍රී කුණාමලය ප්‍රදේශයේ වැඩි දෙනෙකුට ඩෙංගු වැළඳිලා සුව වී තිබෙනවා.   ප්‍රතිදේහ සෑදුනේ නැති    දරුවන් අඩු වශයෙන්ම හිටියෙ  කදුකර ප්‍රදේශයේයි.” මහාචාර්යවරයා කීවේය.

  • ඩෙංගු රෝගය පළමු වතාවට වඩා දෙවන වතාවේ සෑදුණ විට වඩාත් බරපතල වන්නේ ඇයි?

පුද්ගලයෙකුට පළමු වතාවේ සෑදෙන ඩෙංගු රෝගය පළමු කාන්ඩයේ වෛරසයක් නිසා ඇති වූවක් නම් එම පුද්ගලයිට නැවත දෙවන වතාවේ ‌ඩෙංගු සෑදෙන්නේ පළමු කාණ්ඩයේ නොවන වෙනත් කාණ්ඩයකින් නම් ( දෙක තුන හෝ හතර )  එම වෛරසය මුළුමනින්ම  නිෂ්ක්‍රීය කිරීමට සිරුරට හැකියාවක් නොමැත . 

ඊට හේතුව වන්නේ පලමුවෙන් සෑදුණු ඩෙංගු වෛරසයට වඩා දෙවනුවට සෑදුණු ඩෙංගු වෛරසයේ  වෙනස්කම් පවතින බැවින්   ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අධික්‍රියාරිත්වයක්   පෙන්නුම් කරන නිසාය. මින්    බොහෝ විට සංකූලතාවන්  එමට හැකියාවක් පවතී.    මෙහිදී රක්තපාත තත්ත්වය හෝ කම්පන තත්ත්වය ඇතිවිය හැකි බැවින් මෙහි අවසාන ප්‍රතිපලය වන්නේ මරණයයි.

රක්තපාත තත්ත්වය හෝ කම්පන තත්ත්වය බොහෝ විට  ඇතිවන්නේ  දෙවන අවස්ථාවේදීය.  කෙසේ නමුත් පළමු අවස්ථාවේදී හෝ කම්පන තත්ත්වයන් ඇති නොවන බව නිසැකවම  කිව නොහැකිය. 

  • ඩෙංගු මර්ධන එන්නතේ කතාව

ඩෙංගු එන්නත් මේ වන විට  පර්යේෂණ මට්ටමේ පවතින්නකි. මෙවැනි එන්නතක්    ලංකාවේ භාවිත කිරීමට පෙර  මෙය සුදුසුද නුසුදුසුද යන වග මුළුමනින්ම සොයා බැලිය යුතුය.  මේ වනවිට ලෝකයේ  ඩෙංගු මර්දනයට එන්නත් පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක වන්නේය. 

dengue-vaccine

පසුගිය දිනවල මෙරට ලියාපදිංචි නොකල ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වාගෙන  රෝගීන්ගේ ජීවිත මරණයෙන් කෙළවර කර අයුරු දුටුවෙමු. මිනිස් ජීවිතයකට වටිනාකමක් නැති අවිඥානික සමාජයකට එය තවත් එක් සිද්ධියක් පමණි. එහෙත් මේ සිදුවීම් පෙළ මේ රටේ සංවේදී අතලොස්ස බලවත් ලෙස කම්පනය කර තිබිණි.   

ඩෙංගු රෝගයට සැකසෙමින්   එන්නත් පිළිබඳව ඕනෑ තරම් නරක අත්දැකීම් ඇත.   “ඩෙන්  වැක්සීනියා” නැමැති එන්නතක් පිලිපීනයේ දරුවන්ට ලබා දිමෙන් දරුණු රෝග තත්ත්වයන්ට මුහුණ දීමට එම දරුවන්ට සිදුවූ ආකාරය අපට මතකය. ලෝක අත්දැකීම එසේය.  අපේ සෞඛ්‍ය අංශවල අතලොස්සක්  මරණය එන්නතක් ලෙස ලංකාවට ගෙන්වීමට සූදානම් වෙමින් සිටින බව අපි ඔබට ලියා තබමු. ඒ දැනට දැනුම්වත් වීම සඳහා පමණි. 

  • යෝජිත ඩෙංගු එන්නත අපට නොගලැපෙන්නේ ඇයි?

මේ වන විටත් තවත්   ඩෙංගු එන්නතක් පර්යේෂණ මට්ටමේ පවතින්නේය.  මේ එන්නත කුමක් ද?. එය අප රටට ගැලපේද. මේ පිලිබඳ මහාචාර්ය ජීවන්දරගෙන් විමසුවෙමු. 

“ දැනට පර්යේෂණ මට්ටමේ පවතින 003 වැක්සීන් එක  ඩෙංගු තුන්වන කාණ්ඩයේ වෛරස් එකට සතුටුදායක තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. මෙවැනි එන්නතක් ඉදිරියේදී ලංකාවේ භාවිතයට ගන්නේ නම් ඩෙංගු වෛරසයේ ව්‍යාප්තිය  පිලිබඳව එක්රැස්කරන දත්ත වැදගත් වෙනවා. මෙහිදී ඩෙංගු සෑදිලා තියෙන කාණ්ඩ මොනවාද? ‌ කොපමණ සංඛ්‍යාවකට සෑදී තිබෙනවාද?  යන කරුණු කාරණ සම්බන්ධයෙන් හොඳ  අවබෝධයකින් තිබිය යුතුයි.”

 “ඒ වගේම තමයි දැනට පර්යේෂණ මට්ටමේ පවතින     එන්නත් ඩෙංගු පැතිරෙන විට මෙරටට ගෙන ඒ්මට පෙර ඒ පිලිබදව හොඳ අවබෝධයක්  සෞඛ්‍ය අමාතයංශයට ලබා දීමට තමයි අපි මේ පර්යේෂණය කළේ.”  

විශේෂයෙන්  ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකයන්ට අනුව  දැනට පර්යේෂණ මට්ටමේ පවතිව  CYD – TDV එන්නත ලබා දිය හැක්කේ   ඩෙංගු ප්‍රතිදේහ සියයට 75ක්ට වැඩි දරුවන්ට පමණි.

cyd-tdv-dengvaxia-vaccine

ඒ අනුව මෙම එන්නත අපේ දරුවන්ට කිසිසේත්ම ලබා දිය නොහැකි වන්නේ ඔවුන්ගේ ප්‍රතිහේද ගොඩනැගී ඇත්තේ සියයට 25ක ප්‍රතිශතයකට පමණක් බව පර්යේෂණයෙන් තහවූරු වී ඇති බැවිනි. . .  

ඒ අනුව ආනාගතයේදී කෙදිනක හෝ ඩෙංගු එන්නත ගෙනඒමට  සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන්නේ නම් මෙම පර්යේෂණ වාර්තාවන් මුල සිට අගට කියවා අවබෝධයක් ලබාගැනීමට වැදගත්ය. 

නැතහොත් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්‌නේ අපේ රටේ දරුවන්ටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කළුතර ලැගුම්හලක් පසුපස රේල්පාරෙන් හමුවුන පාසල් සිසුවිගේ නිරුවත් සිරුර ගැන තොරතුරු රැසක් හෙළි වේ!

Next Post

ලැගුම් හලක් අසල මියගොස් සිටි කළුතර සිසුවියගේ පාසලේ විදුහල්පතිනියටත් ලිංගික චෝදනා…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.