බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට ආදරේ නම් පාර්ලිමේන්තුව විසුරුවා මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් තියන්න…

ඔබලාගෙ වලවල් වලටත් මිනිස්සු හෙණ ඉල්ලනවා... මිහින්තලේ නා හිමියෝ අගමැති ප්‍රමුඛ දේශපාලකයින්ගේ මූණට කියති...

by editor
සැප්තැම්බර් 19, 2022
in පුවත්
walawahengunawewe
Share on FacebookShare on Twitter

රටට ආදරයක් ඇතිනම් මාස හයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන ලෙස ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

අද ආශීර්වාද ලබා ගැනීමට මිහින්තලේ රජ මහා විහාරයට ගිය අගමැතිවරයාට දීර්ඝ අනුශාසනාවක් පවත්වමින් නායක හිමියන් පැවසුවේ  එවැනි  ප්‍රවේශයකට නොගියහොත් අරගලය නවත්වා ගත නොහැකි බවය.

අගමැතිවරයා ප්‍රමුඛව මේ ගමනට එක්වූ අනුරාධපුරයේ දේශපාලකයින්වන  ශෙහාන් සේමසිංහ එස්එම් චන්ද්‍රසේන, දුමින්ද දිසානායක ඇතුලු පිරිස ඉදිරියේ තබාගෙන අගමැතිවරයා අමතමින් උන්වහන්සේ පැවසුවේ  ක්‍රිකට් කණ්ඩායම සේ එක්සත්ව වැඩ කිරිමට පාර්ලිමේන්තුවේ 225 සූදානම් නැති බවත්, අතිශය ජනතා අප්‍රසාදයට පත් වී ඇති මේ   දෙසීය විසිපහේ වළටත් ජනතාව හෙණ ඉල්ලන බවත්ය.

නාහිමියෝ මෙසේ ද පැවසූහ.

“වර්තමානයේ අපි මානසික කායික වශයෙන් මහා පීඩාවට පත්වෙලා ඉන්න ජාතියක්. වගකියන්න ඕන රට පාලනය කළ ඔබතුමාලා ඇතුළු ඔක්කොම. පක්ෂ ප්‍රතිසංවිධානය කරනවා මේ වෙලාවෙ. පක්ෂ නොවෙයිනෙ ප්‍රතිසංවිධානය කරන්න ඕන අපේ අගමැති තුමා. ප්‍රතිසංවිධානය කරන්න ඕන රටේ ජනතාවගෙ සුබ සිද්ධියනෙ.“

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“තාත්තලා පුතාල, පුතාල තාත්තලා, හිටපු නායක නායිකාවන්ගෙ දරුවො දැන් දේශපාලන කරන්නෙ.  ඒ අය තමයි දැන් රට බාර අරන් ජනාධිපතිකම ගන්න හිතන් ඉන්නෙ.එහෙම ගන්න පුලුවන් ද?. දෙනවද අපි එහෙම. ඔය 225ටම දැන් කැමති නෑනෙ මිනිස්සු… රාජ්‍ය ඇමතිකම් තිස් අටක් දුන්නා. තවත් ඉස්සරහට දෙනවලු. මේ අය ස්වේච්ඡාවෙන් වැඩ කළොත් මොකද වෙන්නෙ. අපිට එක වාහනයක් ඇති. අපි කෑම එක ගෙදරින් අරන් එන්නම්. කෝ ඒ ආදර්ශ…“

“ඔබතුමාලට දෝෂාරෝපණය කරනවා නෙමෙයි. දෝෂාරෝපණය කරලා වැඩකුත් නෑ. සමස්ථ රටේම ජනතාව ඔබතුමාලට විරුද්ධයි. නිරායුධ මිනිස්සුන්ට අරලියගහ මන්දිරයෙන් එළියට ඇවිත් ගහන්න පටන් ගත්තට පස්සෙ එතැනින්නෙ මේ සියලු දේ සිදුවුනේ.“

“පස්සෙ සංවිධානාත්මක පිරිස් ගෙවල් ගිනි තිබ්බා. ඒ  ගිනි තියනකොටත් සමහර අයගෙ ගෙවල්වල ගෑස් තිබ්බා. පොහොර තිබ්බා. අගමැති තුමනි. මේ සියල්ලම තියෙන්නෙ දේශපාලකයින් ගාව. ගොවිතැන් කරන්නෙ, තැබෑරුම් දාන්නෙ හෝටල් දාන්නෙ වෙළඳාම් කරන්නේ ඔක්කොම දේශපාලකයො. සමාන්‍ය මිනිස්සුන්ට මොකක්වත් නෑ. ඒත් බදු ගහනකොට සාමාන්‍ය මිනිස්සුන්ට තමයි බෙල්ලට ලනුව දාන්නේ.“

“ජල  – විදුලි බිල් බලන්න. මටනම් එහෙම විදුලි බිල් ගෙවන්න බෑ. එතකොට මිහින්තලේ අඳුරෙ තමයි තියෙන්නෙ. ජනාධිපති තුමා කිව්වා ක්‍රිකට් ටීම් එක හොඳයි කියලා. ක්‍රිකට් ටීම් එක හොඳ වුනේ ඒ අය එක්කාසු වෙලා ඔක්කොම හොඳට කළ නිසා. පාර්ලිමේන්තුවෙ 225 මේ කපේට එක්සත් වෙන්නෙ නෑ.  වලටත් එක්ක හෙණ ගහපන් කියලනෙ මිනිස්සු  කියන්නෙ

රටට ආදරේනම් මාස හයක් ඇතුළත මහ මැතිවරණයකට යන්න. එහෙම නොවුනොත් මේ අරගලය නවත්වන්න බැරි වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික සහල් මිනිස්සුන්ට දෙන්න එපා… නිව් රත්න  මෝල් හිමියා කෘෂිකර්ම ඇමතිගෙන් ඉල්ලයි…

Next Post

අපේ රටේ මිනිස්සු දැන් කන්නේ ඉස්සරට වඩා බාගෙටත් අඩුවෙන් ! ජනපතිගේ උපදේශකයෙක් කියයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.