බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටටම බොරුකර වැඩ තහනම්වුන දූෂිත දොස්තර  දේශපාලන හිවතියක් මාර්ගයෙන් හම්බන්තොට රෝහලට පත්වීම හදාගෙන…

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • විශේෂඥ පුහුණුව සඳහා සියලු දීමනා සහිතවර රටින් පිටවී සතියකින් හොර රහසේ රටට ඇවිත් පුද්ගලික රෝහලක වැඩ කර විදේශගතවීම සඳහා ලබාදුන් දීමනා හොරෙන් අරගෙන…

  • පසුගිය වසරේ නිවාඩු ලබාගෙන විදෙස්ගව වී  අනුමත නිවාඩු අවසන් වීමට පෙර  නැවත  සේවයට වාර්තා නොකිරීමෙන් සේවය නවත්වලා…

  • විදේශ මුදල් වංචාවක් ගැන විමර්ශන පවතිද්දීත් සේවය නැවැත්වූ වෛද්‍යවරයා දේශපාලන හිතවත්කම් මත යළි හම්බන්තොට රෝහලට පත්වීම හදාගෙන…

  • ඔහුට එරෙහිව විනය පරීක්ෂණය සිදුකරන ලිපි ගොනු අතුරුදහන් වී ඇතිදැයි සැකයක්….

සේවය අතහැර ගියා සේ සලකා සේවය අවසන් කිරීමේ ලේඛන නිකුත් කර ඇති විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ලිපි ගොනුව නැවත සකස් කර හම්බන්තොට මහ රෝහලට විකිරණවේදී විශේෂඥ  පත්වීම  ලබා දීමේ සිදුවීමක් පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයාට සහ  නව රජයට හිතවත් විශේෂඥ වෛද්‍යවරියක් මැදිහත්වී මොහුගේ  පුද්ගලික ලිපිගොනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සමඟ එක්වී රාජ්‍ය සේවා කොමිසමට යොමුකර නැවත හම්බන්තොට රෝහලේ සේවයේ පිහිටුවා ඇතැයි එම වාර්තා තවදුරටත් පැහැදිලි කර සිටියි.

කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිටින අතර  තුර 2019 වසරේදී මාස 6කට විශේෂ පුහුණුවක් සඳහා මෙම වෛද්‍යවරයා ඇමරිකාවට පිටත් කර හැර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලක්ෂ 30ට වැඩි වියදම් දරමින් බව පැවසේ.

එසේම මෙම විශේෂ පුහුණුව ලබන කාලය තුළ ඔහුට අදාල සියලු දීමනා සහිත වැටුප් ගෙවීමද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකර ඇත.

විදේශ පුහුණුව සඳහා ලංකාවෙන් පිටත්ව ගිය මෙම විශේෂඥ වෛද්‍යවරයා සති දෙකක් ඇතුළත හොර රහසේ නැවත ලංකාවට පැමිණ ලංකාව තුළ පුද්ගලික රෝහල් සේවයේ නිතර වී ඇති බවද පැවසේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මොහු විදෙස් පුහුණුවට නොගොස් මුදල් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විමර්ශනයක් සිදුකරන බව පැවසේ.

කෙසේ නමුත් 2024 වසරේදී නිවාඩු ලබාගෙන මෙම පුද්ගලයා විදෙස් ගත වූ අතර අනුමත නිවාඩු අවසන් වීමට පෙර මොහු නැවත  සේවයට වාර්තා නොකළ අතර ඒ හේතුවෙන් සේවය අතහැර ගියා සේ සලකා සෞඛ්‍ය අමාත්‍යංශය මගින්  ලිපි නිකුත් කර තිබේ.

විදේශ ගතව ටික දිනකට පසු නැවත මොහු ලංකාවට පැමිණ නැවත රැකියාව ලබා ගැනීම උත්සහ කර ඇති නමුත් මොහු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ.

මෙම විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකළ  වංචා දූෂණවලට අදාල ලිපිලේඛන විනාශ කොට ඇති බවට ද තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින බවත් ඔහුගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිදුකළ ඇතැම් ප්‍රතිකාරනිසා රෝගීන් මියයෑම හා සදාකාලික ආබාධිත වීම් ප්‍රමාණයක්ද පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජය සම්බන්ධ වෛද්‍යවරිය හරහා මෙම විමර්ශන වලින් නිදහස් වීමට හෝ එසේ කරගැනීමට නොහැකි වුවහොත් ඉක්මනින් විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම ගොස් රටින් පැනයාමට උත්සහ කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවද අමාත්‍යංශය ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෑන්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 03ක් අත් අඩංගුවට… කංජිපානි කණ්ඩායමේ වැඩක් බව සැකයක්!

Next Post

සිරි දළදා වන්දනාවට පැමිණි පිරිසෙන් 270ක් අද උදේවනවිට රෝහල්ගත කරලා… එක් මරණයක් වාර්තා වෙලා!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.