සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජ ගෙදරින් වුණු වෙනස්කම් ගැන හැරීගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක්

by Lanka Sara Editor
මාර්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍ය රජ පවුල ලොව පුරා අත්කරගෙන තිබූ කීර්තිය, ගෞරවය ඔවුන්ගේ රාජකීය ඉතිහාසයේ අන් කවරදාකවක් මුහුණ නොදුන් තරමේ බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් රජ පවුලේ අභිමානය දෙදරා ගොස් තිබේ. ඒ රාජකීය වගකීම්වලින්‌ ඉවත්‌ වී සිය ඇමරිකානු බිරිඳ සමඟ අමරිකා එක්සත්‌ ජනපදයට ගොස් දරුවාත් සමග ජීවත්වන කිරුළ හිමි කුමරුව සිටි හැරී කුමරු සහ මේගන්‌ මාකල්‌ සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුවයි. ‌ ඉමහත්‌ ආන්දෝලනයට ලක්වී තිබෙන මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ ලෝ සුපතළ රූපවාහිනී නිවේදිකාවක, රංගන ශිල්පිනියක සහ ලේඛිකාවක ද වන ඔප්රා ඔප්රා වින්ෆ්‍රි සමගයි.

සාකච්ඡාවට එක්වෙමින්‌ සසෙක්ස්‌ හි ආදිපාද මේගන්‌ කියූ කරුණුවලින් ඍජුවම රජ පවුලට එල්ල වූ බරපතළ චෝදනා දෙකක් ඇත. එනම් රජ පවුල තුළ තිබූ වර්ගවාදය සහ නොසළකා හැරීම පිළිබදව ය. සුදු ජාතික පියකුට මෙන්ම කළු ජාතික මවකට දාව උපන් අමෙරිකානු ජාතික තමා බ්‍රිතාන්‍ය රජ පවුලේ නොසැලකිලිකම්වලට මෙන්ම වර්ණභේදවාදයට මුහුණ දීමෙන් නොනැවතී සිය පළමු දරුවා ගැබ්ගත් අවස්ථාවේ සිටම දරුවාගේ හම තද පැහැ වීම සම්බන්ධයෙන් රජ පවුලේ චෝදනාවන්ට ලක්වූ හැටි ඇය මෙහිදී අනාවරණය කළාය. කේට්‌ ආර්යාව තමාගේ විවාහයට පෙර දිනයේදී ද සිත්‌ රිදවූ බවත්‌, ඇය මෙම රූපවාහිනී සංවාදයේදී පැවසුවාය.

39 හැවිරිදි මේගන්, තම මවගේ පාර්ශ්වයෙන් එන ජාන මත පුතාගේ සම පැහැය තද පැහැයක් වුවහොත් කුමක් වේද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් දැඩි ලෙස බියවී සිටියාය. ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.

රජ පවුලේ කෙනෙහිලිකම් හේතුවෙන් වරෙක තමාට දිවි හානි කර ගැනීමේ අදහසක්‌ ඇති වූ බව ද මේගන්‌ මාකල්‌ සඳහන්‌ කර තිබූ අතර සම්මුඛ සාකච්ඡාව අතරතුර මේගන් සහ හැරී දෙදෙනාම ඉතා සංවේදී වූ බව දක්නට ලැබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හැරී කුමරු ද සිය පියා වන චාල්ස්‌ සමඟ පවතින විරසකය පිළිබදව මෙහිදී අනාවරණ කරමින් කියා සිටියේ තමා රාජකීය වගකීම්වලින්‌ ඉවත්වීමට තීරණය කිරීමත්‌ සමඟ ඔහු තමාගේ දුරකථන ඇමතුම්වලට පවා පිළිතුරු නොදුන්‌ බව ය.

හැරී කුමරු වැඩිදුරටත්‌ කියාසිටියේ සිය මව වන ඩයනා කුමරියට සිදුවූ ඉරණම සිහිපත්‌ කරමින්‌ ඉතිහාසය වඩාත්‌ දරුණු ලෙස පුනරාවර්ථනය වන
බවයි.

රාජකීය ජීවිතයෙන් නිල වශයෙන් ඉවත්වීම පිළිබද පැහැදිලි කරමින් මේගන් පෙන්වා දෙන්නේ රජ පවුලේ වර්ණවාදය සහ කෙනෙහිලිකම් හේතුවෙන් තමන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතරතුරදී ඇයට කිසිවකුගේ උදව් නොලැබුණු බවය. තමන්ව බොරු චෝදනාවල ඉලක්කය වූ බවය.

රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය පිළිබද වාර්තා පළ කෙරිණ. එම වාර්තා මගින් වැඩිවශයෙන් චෝදනා කර තිබුණේ හැරී කුමරු සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල ශ්‍රී.ල.නි.ප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 12කට විනය පරීක්ෂණ

Next Post

ක්‍රිකට් ක්‍රීඩකයාගෙ ඉඩම් ගනුදෙනු සිද්ධිය අපරාධයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.