බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය මැතිවරණය නොකෙරෙන තැනට වැඩ… අධිකරණ නියෝගයක් ඉල්ලා මැතිවරණ කොමිසම අධිකරණයට යයි…

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
election-commition
Share on FacebookShare on Twitter

දෙරණ – 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සුදුසු නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් සඳහන් කර තිබෙන්නේ, ඉකුත් ජනවාරි මස 09 වනදා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රථවාහනවලට සහ විදුලි ජනක යන්ත්‍රවලට වෙන් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ බවය.

ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව දිවුරුම් පෙත්සමෙන් සඳහන් කරයි.

ඉන් අනතුරුව ඉකුත් ජනවාරි මස 18 වනදා මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන, විදුලිය ඇතුළු පහසුකම් සම්පාදනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යන ආයතනවල ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී විදුලිය හා ඉන්ධන සැපයීම අතිශය දුෂ්කර බව එම බලධාරීන් වෙතින් ප්‍රකාශ වූ බවත් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන හා විදුලිය සම්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවත් එහි සඳහන්ය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එහිදී මැතිවරණ කටයුතුවලට අවශ්‍ය ඉන්ධන හා විදුලිය සම්පාදනය කරගැනීම වෙනුවෙන් අදාළ ආයතන වෙත විදේශ විනිමය සපයා ගැනීම අතිදුෂ්කර වී ඇති බව මහ බැංකු අධිපතිවරයා විසින් දැනුම් දුන් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.

මෙම තත්ත්වය හමුවේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බැවින් අවශ්‍ය පහසුකම් සලසන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස්පති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය හා සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මැතිවරණ කොමිසම සිය දිවුරුම් ප්‍රකාශය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

Share69Tweet43
Previous Post

ත්‍රස්ත පනත යටතේ දින 167ක් රඳවාගැනීමට බොරු සාක්ෂි හැදූ ASP විල්ලෝරආරච්චි” SSP ප්‍රසන්න අල්විස්” ASP රත්නායක, ASP අජන්තට එරෙහිව වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

Next Post

ජනපතිගේ රාජාසන කතාව සහිත නව පාර්ලිමේන්තු සැසිය ඇරඹෙන හෙට සිදුවන්නේ වෙන්නේ කුමක් ද?

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.