සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජය තවම වී සඳහා සහතික මිල ප්‍රකාශ නොකළ හේතුව නියෝජ්‍ය ඇමති නාමල් කියයි!

by editor
ජනවාරි 27, 2025
in පුවත්
Paddy 03
Share on FacebookShare on Twitter

රජය මේ අවස්ථාවේ දී සහතික මිල ප්‍රකාශයට පත් කිරීමක් කළහොත් පවතින වී මිල පහත වැටී ගොවියාට බරපතල අසාධාරණයක් සිදුවන බවත් එය සුදුසුම මොහොතේ ප්‍රකාශයට පත් කරනු ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අද (27) මාධ්‍ය අමතමින් පැවසුවේය. ඒ කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය වී සඳහා සහතික මිලක් තවමත් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි දැයි සමාජයේ පාර්ශව දිගින් දිගටම ප්‍රශ්න කරන බව කී ඇමතිවරයා මෙම තීන්දුවට රජය පැමිණ ඇත්තේ වී අලෙවිය සම්බන්ධ පසුගිය වකවානුව පුරාම පැවති රටාව ඉතාම යහපත් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව බව ද කීවේය.

“වී වලට අවම මිල පමා කරලා තියෙන්නේ හිතා මතා. අපි හිතා මතා මේ පමා කරන්නේ. ඇයි ඒ. ගොවියා ගැනම හිතලා. අමු තෙත වී පහුගිය කාලේ රුපියල් 140ටත් ගියා. වේලපු වී කිලෝවක් රුපියල් 160යි. එහෙම වී ගන්න ගියොත් හාල් කිලෝ එක 300ට යාවි. මේ වී මිල විකෘතියක්. හැම කන්නයකම ගොයම් කපන කාලේ මේ විකෘතිය හදනවා.

මේ විකෘතිය ඇතුළෙ මේ වෙලාවේ වැඩි මිලකට වී විකිණෙනවා. දැනට වී විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් නෑ. වී වලට මිලක් නෑ කියලා දෙයකුත් නෑ. එහෙම ප්‍රශ්නයක් නැතිව තියෙද්දි ඇයි අපි ප්‍රශ්නයක් ඇතිි කරන්නේ. පවතින මිල අපි මැදිහත් වෙලා පහලට එනවා මේ විකෘතිය ඇතුළේ ඒක ගැටලුව ගොවියන්ට.

මේක හැම කන්නයකම වෙනවා. ගොයම් කපපු ගමන්ම ගොවීන්ගෙන් වැඩි මිලට වී ගන්නවා පොඩි කන්ඩායමක්. ඊට පස්සේ පහළට දානවා මැද මිලක් දක්වා. එකෙන් වී අස්වැන්නෙන් අඩකට අඩුවෙන් වගේ ගන්නවා. ඊට පස්සේ මිල විනාශ කරලා පහළටම දාලා අඩුම මිලට ඉතිරි වී ටික ගන්නවා. ඒක තමයි වැඩිම ප්‍රතිශතය. සමස්ථයක් ලෙස මේ වී මිල බැලුවොත් මධ්‍යස්ථය ඉතාම අඩු අගයක්. මෙතෙක් සිද්ධ වෙච්චි ක්‍රියාවලිය මේක.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මේ තත්ත්වයත් එක්ක හිතාමතා තමයි මේ වී මිල ප්‍රකාශ කරලා නැත්තේ. මේකෙ නාඩිය අපට තේරෙනවා. ඒ නිසා කල් යල් බලල. අපි අවම මිල ප්‍රකාශයට පත් රකනවා. ඒකෙන් කියැවෙන්නේ නෑ ගොවියාට අසාධාරණ මිලක් නියම කරනවා කියලා. අපි දැනට ගොවීන්ගේ නිශ්පාදන පිරිවැය ගණන් බලලා තියනවා. එකක් පොහොර එක්ක. අනෙක පොහොර නැතිව. පොහොර සහනාධාරය ලබා දුන්නත් ගොවියගේ වියදම බලන්නේ පොහොර වියදමත් එක්ක නෙමෙයි. පොහොරවලට යන වියදමත් ගොවියා දරනවා කියන තර්කයෙන් නිශ්පාදන වියදම ගණනය කරනවා. එතකොට සාධාරණ නිශ්පාදන වියදමක් එනවා. ඒ නිශ්පාදන වියදමට සියයට 30ක් එකතු කරලායි සහතික මිල තීරණය කරන්නේ. ඒක සාධාරණ මිලක්. පහුගිය සැරේ සහතික මිල නියම කළේ නිශ්පාදන වියදමට රුපියල් 05ක් එකතු කරලා. මේ වර එහෙම වෙන්නේ නෑ,”

නිසැකවම පහත වැටෙන වී මිල සම්බන්ධ වෙළෙඳපල තත්ත්වය පරීක්ෂා කරමින් සිටි සුදුසුම අවස්ථාවේ දී සහතික මිල ඉදිරිපත් කිරීමත් සමග වී ගබඩා විවෘත කරන බව ද පෙන්වා දුන් ඇමතිවරයා
රජය විසින් මිල දී ගන්නා එක් වී ඇටයක්වත් විකුණන්නේ නැති බවත්, හාල් කර සාධාරණ මිලකට වෙළෙඳපලට නිකුත් කරමින් වෙළෙඳපලේ සහල් මිල පාලනය කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

“රජයට මේ වී වලින් සමස්ථය ගන්න බෑ. ඒ ප්‍රමාණය අපි ගන්නවා කොහොමහරි. වෙලාව ආවට පස්සේ වී ගබඩා විවෘත කරලා වී මිලදී ගන්නවා.” ඔහු කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

13 හැවිරිදි දැරිය දූෂණය කළ 52 හැවිරිදි ගුරා අත් අඩංගුවට…

Next Post

වෙනස් ඇඳුම් ඇඳගෙන ඔයාලා නටන්නෙත් පරණ වන්නම ද?….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.