මහජනතාව මුහුණ දෙන ගැටලු සහ පරිත්‍යාගශීලි ජනතාවගේ දායකත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනය හඳුන්වා දී තිබේ.
වර්තමාන කොවිඩ් තත්ත්වය හමුවේ මහජනතාව හා සෞඛ්‍ය සේවකයින් මුහුණ පා ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම සහ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිත්‍යාගශීලි මහජනතවාට ලබා දිය හැකි දායකත්වය ඉතා වැදගත්ය.
ඒ සඳහා මහජනතාවගේ දායකත්වය ලබා ගැනිමේ අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් ක්ෂණික ඇමතුම් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ලිපිනය අද දින සිට මහජනතාව සඳහා විවෘත වේ.
ක්ෂණික ඇමතුම් දු.අංක (hotline) – 0706326363 / 0706326364
විද්‍යුත් තැපෑල ලිපිනය (email) – [email protected]
ඉහත ක්ෂණික ඇමතුම් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ලිපිනය හරහා අප වෙත ලැබෙන මහජනතා ගැටලු සහ පරිත්‍යාගශීලි ජනතාවගේ දායකත්වය පිළිබඳව සෞඛ්‍ය බලධාරින් දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.