ශිරෝමි සමරකෝන්:
රංගල ගිඩ්ඩව වරදිවල ගම්මානයේ කොටියෙකු සැරිසරන බැවින් ගම්වාසීහු භීතියට පත්ව සිටිති.
දැනට මාස කිහිපයකට ඉහතදී කොටියකු පුද්ගලයෙකුගේ ඇඟට පැන පහර දීමක් ද සිදුකර අධික ලෙස තුවාල වී ඇත එම අවස්ථාවේදී රංගල පොලිසිය හා වනජීවී නිලධාරීන් ඉදිරිපත් වී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොටියා ඇල්ලීමට කැලෑවේ කූඩුවක් තබා කැමරාවක්ද සවිකර පසු ලබාගත් ඡායාරූප ද දක්නට ලැබුණ ද එහෙත් එම කොටියා මෙපමණ කාලයක් ගත වුවත් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.
දැනට දින කිහිපයකට පෙර නැවතත් ඒ අවට මුවන් රංචුවක් පිටුපස පන්නා නිවසක් අසළටද පැමිණ ඇති බව වාර්තා වේ.