බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාරයේ ඇතුළේ රැඳවියන් 59කට වෙනම සැප බන්ධනාගාරයක්

by Lanka Sara Editor
ජූලි 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ධනවත් සහ බලපුළුවන්කාරකම් සහිත රැඳවියන් 59 දෙනකු වෙනුවෙන් මීගමුව බන්ධනාගාරයේ වෙනම පෞද්ගලික සුඛෝපභෝගී බන්ධනාගාරයක් ක්‍රියාත්මක වී ඇති බව අනාවරණය වෙයි.

මේ වනවිට අත්අඩංගුවට පත් වීමෙන් වැළකී රහසිගතව ජීවත් වන මීගමුව බන්ධනාගාරයේ අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු මෙම කටයුත්තට සම්බන්ධ වී ඇති බවත් මෙම වගකිව යුතු බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් අසමත් වී ඇති බවත් ඊයේ (29) නියෝජ්‍ය සොලාසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේය.

බන්ධනාගාරගත රැඳවියන්ට සුඛෝපභෝගි පහසුකම් සැපයීම මෙම රැඳවියන්ට නීතිවිරෝධී ක්‍රියා සඳහා අනුබලදීම ඇතුළු විෂමාචාර සම්බන්ධයෙන් වූ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබියදී නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ සැකකාර බන්ධනාගාර ජේලර්වරුන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී අදහස් දැක්වූ දිලීප පීරිස් මහතා මෙම නඩුවේ විමර්ශණවලදී හෙළිවූ කරුණු මත පදනම්ව මෙම අනාවරණය කළේය.

ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් බන්ධනාගාර ගත වූ අවස්ථාවලදී ඔවුන්ට අවශ්‍ය සියලු සැප පහසුකම් ලබා දීමට මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු ඇතැම් නිලධාරීන්ගේ සහය ආරක්ෂාව සහ රැකවරණය ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එමෙන්ම තවමත් නීතිය හමුවට නොපැමිණ සිටින අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාට නොහැකි වීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම ඔහු අධිකරණය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නොතීසි නිකුත් කරන්නැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

87000ක පොලිස් නිලධාරීන් පිරිසකට නායකත්වය දෙන වැඩ බලන පොලිස්පතිවරයා මෙම අධිකරණ නියෝගයට අනුව ලබන සිකුරාදා වන විට සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට නොගන්නේ නම් වැඩබලන පොලිස්පතිවරයා අධිකරණය හමුවට පැමිණවිය යුතු බවද දිලීප පීරිස් මහතා එහිදී අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය කාවින්ද සමරිසි ප්‍රජාවගෙන් සමාව අයදී

Next Post

රංගලටත් කොටි ඇවිත්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.