බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝෂිතලාගේ හෝටලය ගත්ත නියෝජ්‍ය කථානායක සිංහරාජ අඩවියේ අලුත් අඩව්වක!  

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේ හේස් වත්තේ (ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේ) අක්කර 75 ක තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂී ම ජල රැඳවුම් කලාපයක් තේ වගාව සඳහා එළි පෙහෙළි කිරීමට නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති අජිත් රාජපක්ෂ විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම භූමිය ආසන්නයේ හේස් වත්තට අයත් වතු කම්කරු ජනතාව ගේ නිවාස පිහිටා ඇති අතර මෙම ව්‍යාපෘතියට එම ජනතාවගෙන් එල්ල වන බලපෑම් පාලනය කිරීම සඳහා එම ජනතාව අතර ඉඩම් කොටස් කිහිපයක් බෙදා දීමට පියවර ගන්නා බවට ද පොරොන්දු වී තිබේ.

මේ වන විට ගොංගල කන්ඳ ආශ්‍රිත ව පිහිටි යෝෂිත රාජපක්ෂට හෝ රෝහිත රාජපක්ෂට අයත් ව තිබූ පසුගිය දා ගිනි තැබීමට ලක් වූ හෝටලය ද මිල දී ගෙන ඇත්තේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා විසින් බව වාර්තා වේ. මේ වන විට එම හෝටලය නැවත ගොඩ නගමින් පවතී. මෙම හෝටලය හේතුවෙන් සිංහරාජ වන රක්ෂිතයට 2019 වසරේ දී අලුතින් වනාන්තර එක් කිරීමේ දී රක්ෂිතයට ඇතුළත් කළ යුතු ව තිබූ ඒ ආසන්නයේ පිහිටි විශාල වනාන්තර හා තෘණ භූමි ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් නොකර ඉවත් කර දමා ඇති අතර එම සුවිශේෂී පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ඉඩම් නැවත පවරා ගැනීමට සකස් කළ නව සැලැසුම්වලට ද මේ වන විට බාධා එල්ල වෙමින් පවතී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 

ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කළ සමයේ දී අජිත් රාජපක්ෂ හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු කිහිපදෙනෙකු විසින් ගොන්ගල කඳුවැටියට ඉදිරියෙන් පිහිටි උල්ලිදුවාව ග්‍රාම නිලධාරී වසමට අයත් පනිල්කන්ඳේ කබරගල වනාන්තර කොටසට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන අක්කර 550 ක් අත් පත් කර ගෙන තිබේ. ඊට අමතර ව එම ඉඩම් අවට වගා කරමින් සිටි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර පුද්ගලයන් 41 දෙනෙකුට නඩු පවරා එම ඉඩම් අත් පත් කර ගැනීමට ද උත්සාහ කෙරිණි.

මෙම සියලු වනාන්තර හා තෘණ බිම් ප්‍රදේශ ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශ වේ. ඊට අමතර ව මෙම කඳු බෑවුම් ඔස්සේ ගලා එන ජලය ඒ අවට ජනතාව ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා භාවිතයට ගැනේ. එපමණක් නො ව මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය සිංහරාජ අඩවියේ ජීවත් වන බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයන සුවිශේෂී පරිසර පද්ධති වේ.

මේ නිසා විවිධ අණ පනත් යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය හා සිංහරාජ වන රත්ෂිතය වටා පිහිටි සුවිශේෂී ජෛව කලාප ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. 1996 අංක 24 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරණ පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජය හා ඒ වටා විශාල කලාපයක් පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

පනතේ 4 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2009 දෙසැම්බර් 21 වන දින අංක 1633/4 දරණ ගැසට් නිවේදනය මගින් 2009 අංක 1 දරණ පස සංරක්ෂණ නියෝග පනවා ඇති අතර ඒ අනුව පස සංරක්ෂණ ප්‍රදේශයක් තුළ අංශක 60 ට වැඩි බෑවුම් සහිත භූමි ප්‍රදේශයක යම් තැනැත්තකු විසින් වාර්ෂික බෝග වගා නොකළ යුතු බවත්, පස සංරක්ෂණ ක්‍රියාමාර්ගවල හෙල්මළු කැපීම හෝ සෑදීම, කුට්ටි කාණු සෑදීම හෝ ගල්වැටි බැඳීම, පාංශු ඛාදනය වැළැක්වීම, ජීව වැටි ඇති කිරීම, ඇළ, දොළ උල්පත් ප්‍රදේශ හා ඉවුරුවල කැලෑ ඇති කිරීම, ඇල, දොළ ඉවුරු දිගේ නියමිත පළලින් යුත් වගා නොකළ බිම් තීරය ඉතිරි කිරීම කළ යුතු බවත් සඳහන් වේ.

මෙම නියෝග කඩ කරන පුද්ගලයකු පනතේ 11 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වැරදිකරුවකු කරනු ලැබූ විට රුපියල් 1000 ත් රුපියල් 5000 ත් අතර දඩයකට ලක් කළ හැකි ය. මෙම බලතල ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියකුට හැකියාව ඇති අතර නීති ක්‍රියාත්මක කිරීමට බාධා කරන පුද්ගලයකු ද ඉහත දණ්ඩනයන්ට යටත් කළ හැකි ය.

මීට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම ප්‍රථම හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත පස සංරක්ෂණ කලාපයක් තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය. ජාතික පාරිසරික පනතේ 23 අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොඉක්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම අණ පනත් ක්‍රියාවේ යෙදවීම වෙනුවට නියෝජ්‍ය කථානායකවරයා විසින් මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට සූදානම් වීමෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයක් ස්ථාපිත කිරීමට ඇති අවස්ථා ව අහිමි කරන බව ය.

විශේෂයෙන් අප අවධාරණය කරන්නේ සිංහරාජ අඩවිය තුළ පිහිටන සියලූ ම වනාන්තර හා තෘණ භූමි රක්ෂිත තත්ත්වයට ප්‍රකාශයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ය. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් සියල්ල ම පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජ වන රක්ෂිතය යටතට ඇතුළත් කළ යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ දේශපාලඥයන් ගේ හා ව්‍යාපාරිකයන් ගේ ග්‍රහණයට මෙම වනාන්තර කඩිනමින් නතු වී ඉතා කෙටි කලකින් විනාශයට ලක් වීම ය.

 

Tags: =නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට ලකුණු 295ක ජයග්‍රාහී ඉලක්කයක්!

Next Post

බැසිල්ගේ VIP බිල ආණ්ඩුවටම ගෙවන්න වෙයි ?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.