බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදා ලොක්කෙකුට හමුදාවෙන් ලබා දී ඇති රථයක් පුෂ්පදාන බාලිකාවේ ගේට්ටුව කුඩු කර මුරකරුට තුවාල සිදුකරලා… රථය පැදවූයේ කාන්තාවක්දැයි සැකයක්…

by editor
පෙබරවාරි 12, 2026
in පුවත්
Pushpadana

අනතුරෙන් පසු රථයෙන් බැස පැන දුවන කාන්තාව...

Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

  • අනතුර සිදුවු පසු කාන්තාවක් රථයෙන් බැස පැන දුවලා… රථය පැදවූයේ තමන් බව කියමින් යුද හමුදා සෙබලෙක් පොලිසියට භාර වෙලා…

  • යුද හමුදාවෙන් ලබා දී ඇති නිල රථයක් වෙනත් සිවිල් වැසියන්ට පදවන්න බෑ… පැන ගිය කාන්තාව ගැන විමර්ශනය කරමින් පොලිසිය කියයි…

  • ඉදිරිපත් වූ හමුදා සෙබලා කියන්නේ බොරු නම් ඔහුට එරෙහිවත් නීතිමය පියවර ගන්නවා… මහනුවර මූලස්ථාන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්…

යුද හමුදාවට අයත් කාර් රථයක් පසුපසට ධාවනය වී මහනුවර පුෂ්පදාන විදුහලේ ප්‍රධාන ගේට්ටුවේ ගැටී සිදුවු අනතුරකින් තුවාල ලැබූ එම විදුහලේ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර 10 දා දහවල් සිදුව තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථය පැදවූයේ කාන්තාවක් බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් ඇත.

කාර් රථය විදුහල් ගේට්ටුවේ ගැටීමෙන් පසු මෝටර් රථයේ සිටි කාන්තාවක් ඉන් බැස දිවයන අතර රථය පැදවූයේ ඇය විසින් ද යන්න සම්බන්ධයෙන්  මේ වනවිට බරපතළ සැකයක් මතුව තිබේ.

අනතුර සිදුවන අයුරු පුෂ්පදාන විද්‍යාලීය සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන අතර රිය පැදවූයේ තමන් බව කියමින් හමුදා භටයෙකු පොලීසියට භාරවී ඇත.

යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ බිරිඳ හා දරුවන්ගේ ගමන් බිමන් සඳහා මෙම කාර් රථය නිල වශයෙන් ලබාදී තිබෙන බව පොලීසිය පවසයි.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

යුද හමුදාව මගින් මෙලෙස කාර් රථයක් ලබාදෙන්නේ රියදුරුද සමඟ බැවින් නිත්‍යානුකූලව එවැනි රථයක් වෙනත් අයෙකුට පැදවිය නොහැකිය. එසේ තිබියදී මෙම මෝටර් රථය කාන්තාවක් විසින් පැදවූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පුෂ්පදාන මාවතේ ඉහළට ගමන් ගනිමින් තිබූ කාර් රථයේ ටයරයක ඇතිවූ දෝෂයක් සොයා බැලීම සඳහා රියෙන් බැස්ස අවස්ථාවේ රථය පිටුපසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුවූ බවට පොලීසියට භාරවූ යුධ හමුදා සෙබළා පැවසූ බව මහනුවර පොලීසියේ රථ වාහන අංශය පවසයි.

ඔහු කළ ප්‍රකාශය සත්‍යයද යන්න සම්බන්ධයෙන් සි.සි.ටි.වී දර්ශන මගින් තව දුරටත් තහවුරු කර ගැනීමට කටයුතු කරන බවත් යම් හෙයකින් ඔහු අසත්‍යයක් ප්‍රකාශ කර තිබෙන බව හෙළි වුවහොත් ඒ සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

Next Post

බ්‍රිතාන්‍යයේදී ස්ත්‍රී දූෂණ චෝදනා මත 21 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.