දිනසේන රතුගමගේ –
යාපනයේ පලාලි පාරේ උරුම්පිරායි හන්දියේදී යුද හමුදා ට්‍රැක් රථයක් හා වැලි පටවා ගෙන ගිය ටිපර් රථයක් ඊයේ ( 26 ) එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් යුද හමුදා සෙබළුන් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් යාපනය පලාලී යුද හමුදා රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම අනතුරෙන් පසුව වැලි පටවාගත් ටිපර් රථය පාර මැදම පෙරලී ගොස් තිබේ.
කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.