කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 567ක් සහ සෙසු නිලයන් 10369කට උසස්වීම් ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව අද (10) දින ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් 08 දෙනෙක් මේජර් ජනරාල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 17ක් බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල් නිලයේ නිලධාරීන් 42ක් කර්නල් නිලයටත්, මේජර් නිලයේ නිලධාරීන් 60 දෙනෙක් ලුතිනන් කර්නල් නිලයටත්, කපිතාන් නිලයේ නිලධාරීන් 256ක් මේජර් නිලයටත්, ලුතිනන් නිලයේ සිටි නිලධාරීන් 10 දෙනෙක් කපිතාන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ සිටි නිලධාරීන් 152ක් ලුතිනන් නිලයටත් උපපන්න නිලධාරීන් 22ක් ලුතිනන් නිලයටත් උසස්වීම් ලබන බම යුද හමුදා මාධ්‍ය අංශය කියයි.