බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගයක මානව ප්‍රේමයේ සන්නාමය… Skype සමු ගනී!

by editor
මැයි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා වීරසේකර –

ලෝකය සන්නිවේදනය ක්ෂේත්‍රය තුළ විප්ලවීය පරිවර්තනාත්මක හැඩගැස්වීමක් කළ ” Skype ” පුරා දශක දෙකක ක්‍රියාන්විතයකින් පසු නවත්වා දමන බව එහි හිමිකාරිත්වය දරන මයික්‍රොසොෆ්ට් අද (05) නිල වශයෙන්  නිවේදනය කළේය.

ඒ අන්තර්ජාල සන්නිවේදනයේ   යුගයක අවසානය සනිටුහන් කරමිනි. අද මැදිවිය පසුකරන ලෝකයේ සෑම සමාජයකම  බොහෝ දෙනෙකුගේ ප්‍රේමණීය මතකයන් මේ සන්නාමය තුළ රැඳී තිබිණි. එය ඒ තරම් ගැඹුරු මානව කතාවක් කීවේය.

Skype ආරම්භය

Skype  සන්නිවේදන වේදිකාව ආරම්භ වන්නේ වර්ෂ 2003 දි ය. නික්ලස් සෙන්ස්ට්‍රෝම්, ජානස් ෆ්‍රයිස් සහ එස්තෝනියානු සංවර්ධකයින් සිව්දෙනෙකු විසින් නිර්මාණය කරන ලද මෙම යෙදවුම, ප්‍රථම වරට ලෝකයට විවෘත කරන්නේ 2003 අගෝස්තු මාසයේදීය.

2005 සැප්තැම්බර් මාසයේදී, ඊබේ එය ඩොලර් බිලියන 2.6 කට අත්පත් කර ගත්තේය. 2009 සැප්තැම්බර් මාසයේදී, සිල්වර් ලේක්, ඇන්ඩ්‍රීසන් හොරොවිට්ස් සහ කැනඩා විශ්‍රාම වැටුප් සැලසුම් ආයෝජන මණ්ඩලය Skype හි කොටස්වලින් 65% ක් ඩොලර් බිලියන 1.9 කට ඊබේ වෙතින් මිලදී  ගෙන තිබිණි.  ඒ ව්‍යාපාරය ඩොලර් බිලියන 2.92 කට තක්සේරු කරමිනි.

2011 මැයි මාසයේදී මයික්‍රොසොෆ්ට් සමාගම ඩොලර් බිලියන 8.5 කට Skype  මිලදී ගත් අතර එය ඔවුන්ගේ වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් ප්‍රතිස්ථාපනය කිරීමට භාවිතා කළේය. එතැන් සිට Skypeහි  මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ මයික්‍රොසොෆ්ට් හි අංශයක් වන ස්කයිප් ටෙක්නොලොජීස් විසිනි. 2012 මැයි මාසයේදී මයික්‍රොසොෆ්ට් විසින් ක්‍රියාත්මක කරන ලද සුපර්නෝඩ් මගින් Skype  සම්පූර්ණයෙන්ම බල ගැන්වුණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

2000 මුල් දශකයේ Skype ආශ්චර්යය

Skype ඒ වකවානුවේ මානව සමාජයට එක් වන්නේ සමාජ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පිම්මක් සමගිනි. අමිල වුවද එම අවකාශය මානව වර්ගයාට විවෘත වූයේ නොමිලයේය. Skype විසින් දේශ සීමා හකුලා දැම්මේය. නොමිලයේ ලැබෙන වීඩියෝ දුරකථන ඇමතුම් ප්‍රවේශ පමණක් නොව,  වීඩියෝ සම්මන්ත්‍රණ සහ හඬ ඇමතුම් සඳහා ද ඉඩ සැලසිනි. එමෙන්ම   එහි ක්ෂණික පණිවිඩ යැවීම, ගොනු හුවමාරුව, ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන වෙත සම්ප්‍රදායික දුරකථන ජාල හරහා ඇමතුම් ලබා ගැනීමට ඇති හැකියාව ද ඒ වකවානුවේ අසිරියක් විය.

එහි පරිශීලක-හිතකාමී අතුරුමුහුණත, එකිනෙකට අනන්‍ය ඇමතුම් නාද රටාව සහ මුල්ම සජීවී වීඩියෝ සංවාද විශ්මය ගෙනාවේ ස්කයිප්ය. 2000 දශකයේ අග භාගය වන විට Skype යනු ගෘහයක නිරන්තර භාවිතවන නාමයක් බවට පත් කළේය.

ස්කයිප් අත්හැරී යෑම…

නමුත් Zoom, FaceTime, WhatsApp සහ Google Meet වැනි වේදිකා වෙළඳපොළට ඇතුළු වී තරඟකාරිත්වය වර්ධනය වන විට Skype හි ආධිපත්‍යය ගිලිහී යෑමට පටන් ගත්තේය. 2020 මාර්තු මාසයේදී මාසිකව ක්‍රියාකාරී පරිශීලකයින් මිලියන 40 ක් වූ Skype, 2023 මුල් භාගය වන විට මිලියන 36 ක් දක්වා පහත වැටුණි. ක්‍රියාකාරී වුවද, යෙදුමට සිය සංස්කෘතික අදාළත්වය සහ එදිනෙදා උපයෝගීතාවය බොහෝ දුරට අහිමිව තිබුණි.

එහි පරිහානිය නොතකා, Skype වසා දැමීමේ පුවත අන්තර්ජාලය හරහා අතීතකාමය ඇති කළේය.  Skype නිල් පැහැති අතුරුමුහුණතේ තිරපිටපත් ලෝකය පුරා සංවේගාත්මකව බෙදා ගන්නා අයරු පෙනුනි. මක් නිසාද යත් Skype යනු මුල්ම මහජන ඩිජිටල් සන්නිවේදනය නිර්වචනය කළ සන්නාමය බඳු වූ නිසාය. දශයකට පෙර බොහෝ දෙනෙකුට, Skype යනු තාක්ෂණික මෙවලමක් පමණක් නොවීය. එය කලාප කාල සීමා බිඳ දමමින් මානව සම්බන්ධතා සජීවී කළ ගෞරවනීය ආශ්චර්යයක් වූයේය.

Skype අපට 2000 -2010 වකවානුවේ ඩිජිටල් පරම්පරාවක් නිර්වචනය කිරීමට උපකාරී සංස්කෘතික සන්නාමයකි. Skype වචනය තුළ මානව ප්‍රේමය පිළිබඳ වචනයට නැගිය නොහැකි ආදරණීය මතකයක් තිබුණේය. අවසානයේ Skype මැකී ගියේය. ඒ ආත්මය කිඳගත් සමීපතමයෙකුගේ මරණය පිළිබඳ ශ්‍රවනය කිරීමකදී ඇතිවන තිගැස්ම ත් සමගිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඡන්ද රාජකාරියට වාර්තා කළ 33 හැවිරිදි රාජ්‍ය සේවිකාවක් හදිසියේ මිය යයි!

Next Post

වියට්නාම සංචාරය නිමකර පැමිණි වහාම ජනපති ඡන්දය ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.