බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේනයෙන් පැමිණි පළමු සංචාරක කණ්ඩායම ම කොවිඩ් නීති කුඩු කරයි…  

How Udayanga's tourists are flouting health regulations at the risk of the whole country exposed!

by editor
ජනවාරි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
    දින 05න් හෝටලෙන් ඇවිත්
  • සංචාරය කරවන්නේ  සංචාරක සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් තොරව… ඔවුන් සමග සම්බන්ධීකරණය අත්හිටවලා..
  • කලින් එකඟතා කඩ කරලා හිතු මතේ සෆාර් ජිප් 28ක් තිස්සමහාරාමයෙන් අරන්…

නියාමන ව්‍යාපෘතියක් ලෙස දැඩි සෞඛ්‍ය මඟපෙන්වීම් මාලාවක් යටතේ මෙරටට පැමිණි බව කියන පළමු යුක්රේන සංචාරකයන් කණ්ඩායම ම එහි මෙහෙයුම් කරුවන් විසින් අදාළ සෞඛ්‍ය නිර්නායක සහිත මගපෙන්වීම් මාලාව  උල්ලංඝනය කරවමින් මෙරට සංචාරයේ යොදවන බව වාර්තා වේ.

රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංගගේ මෙහෙයවීම යටතේ පළමු වරට මෙරටට පැමිණි මෙම සංචාරකයන් මේ වනවිට සැලසුම් කළ ස්ථානවල සංචාරය කිරීම ආරම්භ කර ඇතත් මුලින් එකඟ වූ සම්මුතීන් අදාළ සංචාර මෙහෙයවන්නන් විසින් කඩකර ඇති බවත් මේ වනවිටත් සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ඔවුන්ගේ පවතින සම්බන්ධීකරණය පවා සිදු නොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර ඇත.

එම පුවත්පත් වාර්තා කර ඇති ආකාරයට පසුගිය දෙසැම්බර් 28 වැනිදා මෙරටට පැමිණි මෙම කණ්ඩායම පී.සීආර් පරීක්ෂණවලට ලක් කොට අවම වශයෙන් දින හතක්වත් අදාළ හෝටලයේ නිරෝධායනය විය යුතු වුවද දින පහක් ගත වීමටත් පෙර සංචාර ආරම්භ කර ඇත.

ඒ අනුව පළමු කණ්ඩායම කණ්ඩායම් තුනක් ලෙස යාල ජාතික වනෝද්‍යානය වෙත රැගෙන ගොස් ඇති අතර එක් කණ්ඩායමක් මිරිස්සේ තල්මසුන් නැරඹීමටද එක්ව ඇති බව සඳහන් වේ. එසේ වුවද එහිදී අනුගමනය කළ යුතු මග පෙන්වීම් මාලාව අතහැර අති අතර මෙම සංචාරයන්  සංචාරක සංවර්ධන අධිකාරියේ අධික්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය නිර්නායක යටතේ අදාළ සංචාරකයන් රැගෙන යන වාහනවල රියදුරන් සහ යාල වනෝද්‍යානයේ ගමන් කිරීමේදී යොදා ගන්නා රියදුරන් කලින් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සැලසුම් කර තිබුණද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් තහවුරු කරන ලද රියදුරන් වෙනුවට මෙම සංචාර මෙහෙයවන්නන් තිස්සමහාරාමයෙන් වෙනම ජීප් රථ 28ක් ලබාගෙන ඇත.

මෙම රියදුරන් පසුව සෙසු සමාජය සමඟ මුසු කිරීමේදී ඊට අදාළ පියටවර ගැනීමට මේ තත්ත්වය අනුව සංචාරක සංවර්ධන අධිකාරිය සහ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටද සෞඛ්‍ය අංශවලටද අභියෝගයක් විය හැකි බව මේ පිළිබඳව කළ විමසීමකට සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය. කෙසේ වුවද මෙම යාල සංචාර සඳහා යොදා ගත් ජීප් රථ රියදුරන්ට දින 14ක් හෝටලයක නිරෝධායනය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට තිබූ බව සඳහන් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මදුරු කීටයන් නසන ආකාරයට කෑන් පිටේ බැඳගෙන රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් කොවිඩ් පාලනය වෙන්නේ නෑ”

Next Post

කොටදෙනියාවේ අබලි යකඩ කම්හලක බොයිලේරුවක් පිපිරී ඉන්දියානුවෙක් මරුට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.