යාල ප්‍රදේශය තුළ පොලිසිය විසින් දින හතරක් පුරා සිදු කරන ලද මෙහෙයුමක දී අභය භූමිය තුළ වූ ගොනගන් ආර ප්‍රදේශයේ විශාල කංසා වගාවන් තුනක් සොයා ගැනීමට සමත් වී තිබේ.
එම ස්ථානයෙන් කංසා පැළ 200,000 කට අධික ප්‍රමාණයක් සහ වියළි කංසා කිලෝග්‍රෑම් 50 කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
කංසා වගාවන් පිළිවෙලින් අක්කර පහක්, අක්කර තුනක් සහ අක්කර දෙකක් පුරා පැතිරී තිබී ඇත.
මෙම කංසා වගාව සම්පූර්ණයෙන්ම විනාශ කළ බව පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.







