අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාලෙන් අක්කර 12000ක් ගන්න යන බව සජිත් කියයි – ඇමති සීබී නෑ කියයි

by Lanka Sara Editor
ජූලි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යාල ජාතික වනෝද්‍යානයෙන් අක්කර 12,000 ක් බැහැර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක ප්‍රතික්ෂේප කරයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ රජය එවැනි සැලැස්මක් ක්‍රියාත්මක නොකළ බවයි.

වගකිවයුතු අමාත්‍යවරයකු වශයෙන් තමා එවැනි ක්‍රියාකාරකම් යාල ජාතික වනෝද්‍යානයේ සිදු කිරීමට ඉඩ නොදෙන බවත් එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පෙර යෝජනාවක් ඉදිරිපත් කළ යුතු නමුත් මෙතෙක් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

යාල වන රක්ෂිතයට මැදිහත් වීමට කිසිවෙකුට ඉඩ නොතබන බව අමාත්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී අද(14)පැවැති හමුවකදී ය.

අධි සංවේදී පරිසර පද්ධතියක් වන යාල වනෝද්‍යානය සුරැකීම සියලුදෙනා සතු වගකීමක් බවද ආණ්ඩුව යාලට අත තබන ක්‍රියාමාර්ගයකට ගියහොත් සමගි ජනබලවේගය ඊට එරෙහිව පෙරට එන බවද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ කීය.

“මම කිසිම දවසක බොරු ආරංචි බොරු ප්‍රචාර නිකුත් කරලා දේශපාලන වාසි ලබා ගන්න කෙනෙක් නෙවෙයි. මොකද මා පිළිබඳව තියෙන විශ්වාසය මම ලෑස්ති නෑ නැති කරගන්න. අපිට ආරංචි වෙලා තියෙනවා විද්යානුකුල නොවන මාර්ගයක් කැපීමක් යාල වනෝද්‍යානයේ සිදුවන බවට. අක්කර දොළොස් දාහක් යාල වනෝද්‍යානයෙන් බැහැර කිරීමේ යම් ක්‍රියාදාමයකට සැලසුම් සකස් වෙනවා කියන එක අපිට ආරංචි වෙලා තියෙනවා.

මම දකිනවා මේක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. මේ ක්‍රියාදාමය තුළින් අපේ රටේ පරිසරය, වනජීවී වෘක්ෂ වෘක්ෂලතා ආඥා පනත කඩ කරලයි මෙවන් දෙයක් සිදු කරනවා නම් කරන්න වෙන්නේ. විශේෂයෙන්ම යාල ජාතික වනෝද්‍යානය කියන්නේ අපේ රටට සම්පතක් වගේම ලෝකප්‍රකට ඉතාමත්ම අධි සංවේදී පරිසර කලාපයක්. විදේශිකයන් ලක්ෂ ගණනක් තමන්ගේ සංචාරක කටයුතු සිදුකරන ස්ථානයක්. මම කාරුණිකව ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ දශක ගණනාවක් සුරැකුණු මේ වනාන්තරය විනාශ කරන්නට පිඹුරුපත් සකස් කරන්න එපා. එයට විරුද්ධව අපේ රටේ තිබෙන එකම ප්‍රායෝගික හරිත දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය තරයේ විරුද්ධයි.

යාල ජාතික වනෝද්‍යානය තියෙන කැලෑ කපන්න නෙවෙයි කැලෑව ආරක්ෂා කරන්න. ඒ වන සතුන් වෘක්ෂලතා ආරක්ෂා කිරීමට රජයේ අප සියලු දෙනාගේ වගකීම. අන්න ඒ නිසා අක්කර දොළොස් දාහක් යාල වනෝද්‍යානයෙයන් බැහැර කිරීමේ යම් අදහසක් තියෙනවා නම් ඒ වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් යාල කැලෑව තුළ අනවසර පාරවල් කැපීම, වහාම නතර කරන ලෙසත් මම රජයෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. එසේ කරමින් ඉදිරියට ගෙන ගියොත් මේ රටේ සියලුම ප්‍රගතිශීලී යන බලවේග සමඟ ඒකරාශිවී දැවැන්ත පරිසර විනාශය නතර කරන්න අපි අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව විද්‍යානුකූලව කටයුතු කරනවා. එනිසා එතැනට අපිව ගෙනියන්නේ නැතුව කරුණාකරලා අඩුම තරමින් අපේ රටට ඉතිරි වී තිබෙන මේ වන සම්පත විනාශ නොකොට පරිසර හිතකාමී යුගයක් නිර්මාණය කරන්න ආණ්ඩුවට ප්‍රඥාව පහළවේවා කියලා මම කියනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාව දැවැන්ත ආර්ථික අනතුරක! ජාත්‍යන්තර සමාගමකින් රහස් වාර්තාවක්

Next Post

මහනුවර රෝහලේ කොවිඩ් දේහයක් පීසීආර් ප්‍රතිඵලයට කලින් ඥාතීන්ට දෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.