අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව දැවැන්ත ආර්ථික අනතුරක! ජාත්‍යන්තර සමාගමකින් රහස් වාර්තාවක්

by Lanka Sara Editor
ජූලි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමානයේ මුහුණ දී තිබෙන විදේශ සංචිත අර්බුදය, ජාත්‍යන්තර ණය ආපසු ගෙවීම් සහ දුර්වල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ශ්‍රි ලංකාවට රටේ ජනතාව සාගින්නෙන් පෙළීම වැළැක්වීමට හෝ ඔවුන්ට නිසි ආර්ථික උත්තේජනයක් ලබා දීමට නොහැකි වනු ඇති බවට රහස්‍ය අනතුරු ඇඟවීමක් ඉන්දු-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන උපදේශන සමාගමක් සිය ගනුදෙනුකරුවන් වෙත සිදු කර ඇත.
ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කරන ආකාරයට පුරා සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කරන බෝවර් ගෘප් ඒෂියා(Bower Group Asia (BGA) නම් මෙම සමාගම සිය සේවාදායකයින්ට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයක අද්දර සිටින බව පවසමිනි.
සිය සේවාදායකයින්ට රහස්‍ය වාර්තාවක් ලබා දෙමින් බෝවර් ගෘප් ඒසියා සමාගම තවදුරටත් සඳහන් කර ඇත්තේ රටේ බාහිර ගිණුම් නරක අතට හැරෙමින් පවතින තත්ත්වයට වහාම විසඳුම් නොදී ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව වත්මන් කෙටිකාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග දිගටම කරගෙන යන්නේ නම්, ශ්‍රී ලංකා රුපියල වර්තමානයේ කළුකඩ වෙළෙඳපොළේ පවතින අගයටත් වඩා වැඩි මට්ටමකින් කඩා වැටීමකට ලක් විය හැකි බවය.
මෙම තත්ත්වය මත එක්සත් ජනපද ඩොලර් හිඟයට තුඩු දී ඇති රටේ බාහිර ගිණුමේ වර්තමාන අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගැනීම සඳහා රටෙහි හදිසි අවශ්‍යතාවක් බවත් පවසන එම සමාගම ශ්‍රි ලංකාවේ පවතින ව්‍යාපාරවලට අනතුරු අඟවන්නේ 2021 වසර අවසන් වන තෙක් දැඩි පීඩාකාරී ව්‍යාපාර පරිසරයක් සඳහා සූදානම් වන ලෙසය.
“රජයේ ජංගම ගිණුමේ හිඟය ඉහළ නැංවීම, විදේශ විනිමය සංචිත පහත වැටීම සහ ආදායම විශාල ලෙස අඩු කිරීම ශ්‍රී ලංකාවේ රුපියලේ අගය වේගයෙන් පහත වැටීමේ අවදානම වැඩි කරයි. මානව හිමිකම් සහ දේශපාලන ගැටලු හේතුවෙන් ශ්‍රි ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ ස්ථාවරත්වයටද යම් යම් තර්ජන එල්ල වී ඇත. දිවයිනේ නිමි ඇඟලුම් සඳහා යුරෝපා සංගමයට ඇතුළු වීමට ලබා ඇති සහනශීලී අවස්ථාවන් අහිමි වීමේ අවදානමක් ඇත. මේ තත්ත්වයන් තුළ ශ්‍රි ලංකාව යුරෝපා රටවල් අතර අසාදුගත වීමේ අවදානමක් පවතී.ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීමේදී ඒ පිළිබදව කල්පනාකාරී විය යුතුය.

නොගැලපෙන ආර්ථිකමය ප්‍රතිපත්ති හේතුවෙන් ආර්ථිකය බිඳෙන සුළු තත්ත්වයට පත්ව ඇති අතර අකාර්යක්ෂම කළමනාකරණය මඟින් ආදායම් අවපාතයට ලක්වී ඇත. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබේ. රසායනික පොහොර හදිසියේ තහනම් කිරීම කෘෂිකාර්මික නිෂ්පාදනය අඩු කිරීම, ආනයන වියදම් වැඩි කිරීම, අපනයන ඉපැයීම් අඩු කිරීම සහ ගොවීන්ගේ හා කෘෂිකාර්මික කම්කරුවන්ගේ ආදායම අඩු කරනු ඇත. ආහාර මිල ඉහළ යාමට ඉඩ ඇති අතර ප්‍රමාණවත් ආහාර ආනයනයක් නොමැති නම් ශ්‍රී ලංකාව සාගින්නෙන් පෙළෙනු ඇත.“ යනුවෙන් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මැයි මස අවසානය වන විට, ශ්‍රී ලංකාවේ දළ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4 දක්වා පහත වැටුණු අතර, ඉදිරි මාස 12 සඳහා බාහිර ණය සේවා සඳහා මුදල් අවශ්‍යතාව පමණක් ඩොලර් බිලියන 7 කට ආසන්න බව පෙන්වා දෙන මෙම වාර්තාව පවසන්නේ පවතින සංචිත රටට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රි ලංකාවට නිසි පිළියම් නොයෙදුවහොත් දරුණු ආර්ථික කුනාටුවක් අත ළඟ බව එම සමාගම තම ආයෝජකයන් වෙත අනතුරු අඟවමින් පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැප්තැම්බර් පළමුවැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගැනීමක් නෑ

Next Post

යාලෙන් අක්කර 12000ක් ගන්න යන බව සජිත් කියයි – ඇමති සීබී නෑ කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.