දිනසේන රතුගමගේ –
යාපනයේ පුතූර් නවගිරි ප්‍රදේශයේ එළු ගාලකඅපූරු එළු පැටවෙකු ඊයේ (31) දා බිහි තිබේ. එම එළු පැටවා දැක ගැනීම සදහා අති විශාල ජනතාවක් එම එළු ගාලට පැමිණෙමින් සිටිති.
මෙම එලු පැටියාගේ විශේෂත්වය වන්නේ ඇස් දෙක දෙපැත්තේ පිහිටීම වෙණුවට නළලේ තනි ඇසක් පමණක් පිහිටාතිබීමය. එම තනි ඇස තුළ ඇස් දෙකක් වෙන වෙනම පිහිටා තිබීමයි.
මෙම එලු පැටියා උපත ලබා ඇත්තේ යාපනය පුතූර් නවගිරි ප්‍රදේශයේ කන්දස්වාමි බාලකරන් නමැති ගොවියා එළු ගාලේය.
යාපනය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ පිරිසක්ද මෙම අරුම පුදුම එලු පැටවා නිරීක්ෂණයට ලක් කොට තිබේ.







