දිනසේන රතුගමගේ –
යාපනයේදී පැවැත්වෙන මහා සංගීත සංදර්ශනයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සුපිරි ගායක හරිහරන් අද (7) දහවල් යාපනයට පැමිණියේය.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගුවන් මගින් පැමිණි හරිහරන්ව යාපනයේ සංස්කෘතික පදනමේ පිරිස විසින් මහත් ගෞරවාදරයෙන් යුතුව පිළිගන්නා ලදී.
මෙම සංගීත සංදර්ශනයට ශභාගී වීම පිණිස ඉන්දීය ජනප්රිය නිළි රම්බා ඇතුළු පිරිසක් 6 දා යාපනයට පැමිණියහ.
ගායක හරිහරන්ගේ ප්රධානත්වයෙන් යාපනයේදී මෙම ප්රසංගය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පවැත්වීමට නියමිතව තිබූ අතර යාපනයට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය පෙබරවාරී මස 9 වෙනිදාට කල් දමා තිබුණි.
ඒ අනුව යාපනයේ මුත්තවේලී ක්රිඩාංගණයේදී පෙබරවාරී මස 9 වෙනිදා පවැත්වෙන අතර ඉන් පසුවද යාපනයේ ස්ථාන කීපයකදී ප්රසංග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙම ප්රසංගයට සහභාගී වීම සදහා ඉන්දීය නළු නිළියන් හා ගායක ගායිකාවන් රැසක්ම ඉදිරි කාලයේදී යාපනයට පැමීණිමට නියමිතව ඇත.







