දිනසේන රතුගමගේ –
යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සිට කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණෙමින් තිබූ බෝට්ටුවක් තුළදී කාන්තාවක් ඊයේ (20) පිරිමි දරුවකු ප්‍රසූත කොට තිබේ.
එම කාන්තාව බෝට්ටුවෙන් කුරීකඩ්ඩුවාන් වෙත පැමිණ දරු ප්‍රසූතිය සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිය සැමියා සමග පැමිණ ඇති අතර ඇයට බෝට්ටුව තුළම විලි රුදාව හට ගෙන තිබේ.
බෝට්ටු ක්‍රියාකරු වහාම මේ පිළිබදව ඩෙල්ෆ්ට් රෝහලට දැනුම් දීමෙන් පසුව එහි සිට ගිලන් රථ බෝට්ටුවක් වෛද්‍යවරයෙකු සමග පැමිණෙන අතරවාරයේ කාන්තාව බෝට්ටුව තුළ දරුවා ප්‍රසූත කොට තිබේ.
බෝට්ටුවේ සිටි වැඩිහිටිකාන්තාවන් පිරිසක් ඇය රෙදිවලින් වටකොට කොට ගුරුහරුකම් හා වින්නඹු සේවාවන් ලබා දෙමින් දරුවා ප්‍රසූත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මුහුද මැදට පැමිණි වෛද්‍යවරයා රැගත් බෝට්ටුව තුලට කාන්තාව හා දරුවා දමාගෙන ගොස් කුරීකඩ්ඩුවාන් ජැටියේදී ගිලන් රථයක් ලබා ගෙන ඒ දෙදෙනාම යාපනය ශීක්ෂණ රෝහලට අතුළත් කොට තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කලේ දරුවා හා මව ඉතා සනීපයෙන් සිටින බවය.
මුහුද මැදදී එම දරුවා උපන් නිසා එම බිළිදාට කඩල් කුමරන් ( මුහුදු කුමාරයා ) ලෙස නම තැබීමට දෙමව්පියන් තීරණය කොට තිබේ.







