බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයට එන චීන්නුන්ට කොරෝනා නීති නෑ… සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියයි..

by editor
ජනවාරි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය අර්ධ ද්වීපය තුළ චීන රජය විසින් සිදු කරණු ලබන දැවැන්ත සංවර්ධන කටයුත්තක් මෙතෙක් ආරම්භ වී නැතත් ප්‍රදේශය තුළ චීන ජාතිකයින් සියයකට වඩා සැරි සරණ බව තමන් කළ විමර්ශනයකදී හෙළි වූ බව ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊයේ 24 දා යාපනයේදී පැවසීය.

යාපනයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී  අදහස් දැක් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්   කියා සිටියේ මේ චීන ජාතිකයින් නිතරම යාපනය නගරයේ සිටිනු දැකිය හැකි බවයි.

රජය චීන සමාගමක ආධාර මත යාපනයේ දූපත් පළාත් වල  සුළං බල විදුලි බලාගාර පිහිටුවීමට යන බවත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණේ මේ සතියේදී බවත් පැවසූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  කියා සිටියේ දැනට මාස ගණනක සිට චීන ජාතිකයින් යාපනයේ රැඳී සිටින්නේ මන්දැයි සොයා බැලිය යුතු බවයි.

යාපනයේදී දක්නට ලැබෙන චීන ජාතිකයින්  කොරෝනා නීති රීති කෙරෙහි කිසිදු අවධානයක් යොමු කරන බවක් පෙනෙන්නට නැති බව සඳහන් කළ ඊ.පී.ආර්.එල්.එෆ්.නායකයා යාපනයේදී  නීති දෙකක් ක්‍රියාත්මකවන මේ තත්ත්වය කෙරෙහි තම පක්ෂයේ අප්‍රසාදය රජය කෙරෙහි පල කොට සිටින බවද පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

යාපනයට  චීන ජාතිකයින් පැමිණ නිදහසේ ජීවත් වන අතර වාරයේ රජයේ යම් යම් වැඩ සටහන් ඔස්සේ දකුණේ සිංහල ජනතාව වවුනියාව යාපනය මන්නාරම වවුනියාව හා මුලතිව් යන පළාත් වල පදිංචි වෙමින් සිංහල ජනාවාස ඇති කරණ බවද හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්  පැවසීය.

මුලතිව් ,වැලිඔය හා වවුනියාව පළාත් සිංහල ජනාවාස බලහත්කාරයෙන් ඇති කිරීම සදහා රජය තෝරා ගෙන ඇති බවත් මහවැලි අධිකාරිය පොල් සංවර්ධන මණ්ඩලය කජු සංස්ථාව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒ කටයුතු සදහා රජයට සහය දෙන බවද  සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය හා සෞඛ්‍ය අංශත් නොදැන අලුතින් හුදකලා කළ, හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ

Next Post

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.