ශ්‍රියානි විජේසිංහ
වෛද්‍ය හා ශල්‍ය උපකරණ ජිවානුහරණය සඳහා භාවිත කරන Disinfectant ද්‍රාවණය නොමැති වීමෙන් රෝහල්වල ශල්‍ය කර්ම හා පරික්ෂණ බොහෝමයක් ඇනහිටීමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි..
මෙම ද්‍රාවණය මේ වන විට රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ හෝ පෞද්ගලික අංශය තුළ හෝ නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසුවේය.
මෙය උදාසීන ද්‍රාවණයක් වන අතර පීඩතාපක මගින් ජීවානුහරණය කළ නොහැකි එන්ඩොස්කොපි, ලැපරස්කොපි උපකරණ ඇතුළු දැඩිසත්කාර ඒකකවල සහ ශල්‍යාගාරවල භාවිතා කරන උපකරණ විෂබීජ හරණයට භාවිත කරයි.
මෙම ජිවානුහරණ ද්‍රාවණය නොමැති වීම හේතුවෙන් ඇතැම් රෝහල්වල එන්ඩොස්කොපි පරික්ෂණ, සහ ඇතැම් ශල්‍යකර්ම පවා ඇනහිටීමේ අවදානමක් මතුව ඇතැයි හෙතෙම කීය..
මේ අනුව පිළිකාව වැනි රෝග තත්ත්වයන් කලින් හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් රෝගීන්ගේ රෝග තත්ත්වයන් වැඩිවර්ධනය වීමේ අවදානමක් ඇතිවිය හැකි බව වෛද්‍ය බණ්ඩාර පවසා සිටියි.