යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක චම්පික නිලන්ත , ඔහුගේ බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පවසන්නේ මුරුතලාව, යහලතැන්න පිහිටි ඔහුගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු අද උදෑසන(30) සොයාගෙන ඇති බවය.
52 හැවිරිදි වියේ පසුවන චම්පික නිලන්ත මහතා කලක් යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ අතර දීර්ඝ කාලයක් යටිනුවර ප්‍රාදේශීය සභාව නියෝජනය කළේය. 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණිය මිය ගිය ආකාරය පිළිබඳව විමර්ශණ පැවැත්වෙන ව සඳහන් වේ.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







