බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන බලපෑම් ආවත් මහනුවර නගරයේ යළි පදික වෙළඳාම නෑ… මහනුවර නගරාධිපති සහතික වෙයි!

by editor
ජනවාරි 15, 2026
in පුවත්
kandy
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –  

ලෝක උරුම මහනුවර නගරයේ සුන්දරත්වය ආරක්ෂා කිරීමත් නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ පහසුවත් පිණිස ඉවත් කළ පදික වෙළෙඳුන්ට යළි නගරයේ වීදි වල වෙළෙඳාම් කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසයි.

වීදි වෙළෙඳුන් ඉවත්කරන ලෙස ජනතා ඉල්ලීම් කොතෙක් ලැබුණද පසුගිය පාලන සමයන්හිදී ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගත් බවත් මෙවර ගත් තීරණය කිසිසේත්ම ආපහු නොහරවන බවත් ඔහු පැවසුවේය.

මහනුවර මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම ඊයේ (14) නගර ශාලාවේදී පැවැති අවස්ථාවේ නගරාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක

“පසුගිය සමයේ නගර සභා පාලනය විවිධ දේශපාලන පක්ෂ මගින් සිදු කරනු ලැබුවා. ඒ කිසිම අවස්ථාවක නගරයේ පදික වෙළෙඳාම ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. ඇතැම් විට නගර සභාවට සම්බන්ධ අය පවා ඒ සඳහා සහයෝගය ලබා දී තිබුණේ තමන්ගේ පෞද්ගලික පැවැත්ම සඳහායි. මේ හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාවට වෙන අපහසුතාව සැලකිල්ලට ගත්තේ නැහැ.”

“මහනුවර කියන්නේ ලෝක උරුම සංචාරක නගරයක්. වගේම පූජනීය නගරයක්. විශාල වශයෙන් දෙස් විදෙස් ජනතාව නගරයට එනවා. මේ අයට නිදහසේ නගරයේ සැරිසරන්න අවස්ථාව නගර සභාව ලෙස සකස්කර දීම අපේ වගකීමක්. ඇතැම් පදික වෙළෙදුන්ගෙ නොමනා හැසිරීම් සම්බන්ධයෙන්ද අපිට පැමිණිලි ආවා.”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අපි මේක එක පාරටම ගත්ත තීරණයක් නෙවෙයි. මාස හයකට පෙර තමයි මේ අයට අපි කිව්වේ ඉවත් වෙන්න කියලා. මේ සම්බන්ධයෙන් නගරයේ වගේම නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රශංසාව නගර සභාවට හිමිව තිබෙනවා. මහනුවර මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත සභා තීන්දුවක් මත තමයි මේ ඉවත් කිරීම කළේ.”

“මේක දේශපාලනික වශයෙන් ජනප්‍රිය තීන්දුවක් නොවෙන්න පුළුවන්. දිනෙන් දින පදික වෙළෙඳුන් වැඩි වුණා. මේ අයට නැවත වීදියේ වෙළදාම් කරන්න ඉඩ දෙන්න කියලා විවිධ ඉල්ලීම් එනවා. එහෙත් ගත්ත තීරණය අපි කිසිසේත්ම ආපසු හරවන්නේ නැහැ.”

“වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ වෙළෙඳාම් කළේ කවුද කියලා අපි දන්නවා. මේ අයට අසාධාරණයක් කරන්නේ නැහැ. ඔවුන්ට සුදුසු ස්ථානයක් දෙනවා. දැනටමත් එම ස්ථාන අපි නම් කර තියෙනවා. පදික වෙළෙඳාම් කරන සමහරුන්ට මහනුවර නගරයේ වෙළෙඳසැල් පවා තිබෙනවා. ඒවා කුලියට දීලා තමයි මේ අය පදික වෙළඳාමේ නිරතව සිටින්නේ. ”

“මේ අයත් ජීවත් වෙන්න ඕනේ කියන අදහස අපි බැහැර කරන්නේ නැහැ. නව ස්ථාන ලබාදීමේදී ඉල්ලුම් කරන හැමෝටම දෙන්න පුළුවන්කමක් නැහැ. පදික වේදිකාවේ වසර ගණනාවක් වෙළෙඳාම් කළ අයට තමයි අපි ස්ථාන ලබා දෙන්නේ. මේ ලබාදෙන ස්ථානවල වෙළෙඳාම් කිරීමෙන් කිසිසේත්ම ජනතාවට අවහිරයක් වෙන්නේ නැහැ. අද මහනුවර නගරයේ ජනතාවට ඕනෑම තැනක නිදහසේ යන්න එන්න හැකියාව තිබෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

විවාහ පොරොන්දු දී විදේශගත කාන්තාවකගෙන් රුපියල් කෝටියකට වඩා වංචා කළ ගුවන් හමුදා නිලධාරියෙක් අත් අඩංගුවට…

Next Post

කියූ කතා ගිලගෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංගලාදේශයට ඉන්දියාවට යන්න වෙන ලකුණු!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.