බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ හදිසි අවස්ථා නියෝගය වලංගු දින 14යි… ජනපති හදිසියේ පැනවූ හදිසි නීතිය ගැන නීති විද්වත්හු කියති!

by editor
මැයි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් පනවන ලද  මේ හදිසි අවස්ථා නියෝගය වළංගු වන්නේ දින 14ක් පමණක් බවත්, නෛතික පදනම අනුව මෙම නියෝගය මාසයක කාලයක් පවත්වා ගැනීමට නියෝගය ප්‍රකාශ කළ   දින සිට 10ක් තුළ    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නොහැකි වන බැවින් දෙසතියක් තුළ එය ඉබේම බල රහිත වන බවත් මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසයි.

ජනාධිපතිවරයා හදිසි අවස්ථා නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 06 වැනිදා ය.  නමුත් කථානායකවරයා දක්වා ඇති පරිදි යළි පාර්ලිමේන්තුව රැස් වන්නේ ලබන 17 වැනිදා ය. එමෙන්ම මෙම හදිසි අවස්ථා ප්‍රකාශයේ හදිසි අවස්ථා නියෝග කිසිවක් නොදැක්වීම පිළිබඳව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ හදිසි අවස්ථාව කිසිසේත්ම ව්‍යවස්ථාව ඉක්මවා නොයන නිසා සාමකාමී විරෝධතා, උද්ඝෝෂණ, පැවැත්විය හැකි බවත්, ප්‍රකාශනයේ නිදහස, භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස, ගමන් බිමන් කිරීමේ නිදහස හදිසි නීතිය යටතේ වැළැක්විය නොහැකි බවය.

ඔහු මාධ්‍යයට අදහස් දක්වන්නේ මේ ලෙසිනි.

“හදිසි අවස්ථාව මහජන ආරක්ෂක පනත යටතේ පනවනු ලැබුවාට කිසිම අවස්ථාවක එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නෙ නෑ.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“නමුත් මෙය වෙනත් නීතීන්ගෙන් ඕන එකක් අභිබවා යන්න පුලුවන්. දණ්ඩනීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග‍්‍රහයට වඩා ඉහළ තත්ත්වයක් එනවා.“

“නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික මිනිස් අයිතිවාසිකම් ඉක්මවා යන්නෙ නෑ. රැස්වීම, භාෂණයේ නිදහස්, ප්‍රකාශනයේ නිදහස, ජනතාවට ගමන් බිමන් කිරිමේ නිදහස කිසි දෙයක් නැතිවෙන්නෙ නෑ“

“සාමකාමී උද්ඝෝෂණ සාමකාමී අරගල දේශපාලන උද්ඝෝෂණ වශයෙන් පවත්වන්නත් මේකෙන් කිසිම බලපෑමක් වන්නෙ නෑ. “

“හැබැයි හදිසි අවස්ථාව ප්‍රකාශ කරලා දින 10ක් තුළ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙම වුනොත් තමයි ඒක සම්මත කරලා මාසයක් වලංගු කරන්න පුලුවන්. එහෙම නැතිනම් හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ දින සිට දින 10ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැතිනම් එම නියෝගය දින 14කින්   ඉබේටම  ආහෝසි වී යනවා.“

“ මැයි 06 වැනිදා තමයි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළේ. පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්නෙ ගරු කතානායක තුමා කියලා තියනවා මැයි 17 කියලා. ඒ කියන්නෙ  දවස් 10 මැයි 16 වැනිදා වෙනකොට ඉවරයි. ඊට කලින් පාර්ලිමේන්තුව කැඳෙව්වෙ නැතිනම් මේ නියෝගය අවලංගුයි.“

“ඒ කියන්නෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත්නම් මැයි 16 ඉබේටම  මේ හදිසි අවස්ථා නියෝගය අහෝසි වෙනවා. මාසයක් යන්න බෑ. හැබැයි ප්‍රකාශ කළ දින සිට දින 14ක් මේක වලංගුව තියනවා.“

“ඒ වගේම හදිසි අවස්ථා ගැසට් පත්‍රයේ කිසිම තැනක කියලා නෑ  මොනවද මේ පනවන හදිසි අවස්ථා නියෝග කියන එක.  ගැසට් එකේම එන්න ඕන මෙන්න මේවා තමයි එන නියෝග කියලා.  නමුත් ඒ කිසිවක් නෑ. දැනට හදිසි අවස්ථාව පමණක් ශ්‍රී ලංකාව තුළ පවරා තිබෙනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රශ්න කතා කරගන්න සඳුදා උදේ සිරිකොතට එන්න… රනිල් ගේ ඇතුළේ සිට විරෝධතාකරුවන්ට කියයි

Next Post

බඩගින්නට ජල ප්‍රහාර… බේත්ටිකවත් ගන්න ඩොලර් නැති රටට පොලිසිය ඉන්දියාවෙන් ජල ප්‍රහාර රථ ගෙන්වයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.