ඉන්දියාවේ සිට තවත් නැනෝ නයිට්‍රිජන් පොහොර ලීටර ලක්ෂ 15ක් මේ සතියේ දී දිවයිනට ලැබෙන්නට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ ලැබෙන ලැබෙන නැනෝ නයිට්‍රිජන් ප්‍රමාණය මෙරට වී වගාවේ පළමු නයිට්‍රිජන් ප්‍රමාණය දීමට ප්‍රමාණවත් බවය.
එම නැනෝ නයිට්‍රිජන් පොහොර ගොවීන් අතර බෙදා දීම අඛණ්ඩව ක්‍රියාත්මක බවත් අම්පාර පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා පෙහොර බෝතල් ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් අදත් ලබා දෙන බව අමාත්‍යාංශය කියයි.
Discussion about this post