මේ වසර තුළ ඊයේ ( 24) දිනය වනවිට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 04ක් අත් අඩංගුවට ගෙන ඇති බව විමර්ශන සංඛ්‍යාලේඛන හෙළි කරයි.
නාවික හමුදාව පවසන්නේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,982යි ග්‍රෑම් 600ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,050යි ග්‍රෑම් 100ක් පවතින බවය.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 33ක්, මත්පෙති 1,683,722ක් දේශීය සහ විදේශීය ගංජා කිලෝග්‍රෑම් 5,900ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු සහ බහුදින ධීවර යාත්‍රා 99ක් ද මෙම මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගෙන තිබේ,
එහිදි සැකකරුවන් 360 දෙනෙකු පමණ ද නාවික හමුදා භාරයට පත්ව ඇත.







