fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

කෙත්තාරාම පන්සලේ අධ්‍යාපනය ලබන පාසල් මගහැරුණු අසරණ දරුවන් 43ක් පෝෂණය කළෙත් කටාර් පුණ්‍යායතන අරමුදලින්....

1 මාසයක් ago
in පුවත්
518 5
0
Share on FacebookShare on Twitter

ඉන්ධන සහනාධාරයක් ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට ගිය බලශක්ති ඇමති කාංචන විජේසේකරට සාද කතා පමණක් සහිතව රටට එන්නට සිදු වූයේ පසුගිය වකවානු තුළ මුස්ලිම් ලෝකයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ අපකීර්තිමත් හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ලංකාසරට පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්

සෞදි රජතුමා මූලිකත්වය දරන  මුස්ලිම් ලෝකයේ ප්‍රබලම සංවිධානයවන  OIC (  Organisation of Islamic Cooperation) සංවිධානය විසින්  ලෝක සෞඛ්‍ය සංවිධානය අනුදකිමින්  පසුගිය කොවිඩ් වසංගත සමයේ කොවිඩ් ආසාදිතව මිය යන මුස්ලිම් පුද්ගලයින්ගේ දේහයන්  ආදාහනය නොකර භූමදානය සඳහා අවස්ථාව ලබා දෙන ලෙස කළ මානුෂික ඉල්ලීම  තඹයකට  ලෙ  නොසලකා හැර ඊට ලිපියකින්වත් ප්‍රතිචාර නොදැක්වූ මේ උද්දච්ඡ ජනාධිපතිවරයාට අරාබි රටවල් උපකාර කරනු ඇතැයි සිහිනයකින් හෝ සිතිය හැකි දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.

කෙත්තාරම පන්සලේ අධ්‍යාපනය හැදෑරූ පාසල් මගහැරුණු දරුවන් පෝෂණය කිරීමේ   සිට වාර්ගික භේදයකින් තොරව අනාථ දරුවන් වෙනුවෙන් උපකාර කිරීම සදහා කැපවුන කටාරයේ  රජතුමාගේ අරමුදලක් වන  කටාර් පුණ්‍යායතන අරමුදල  සාධනීය හේතුවකින් තොරව  ත්‍රස්තවාදී අරමුදලක් ලෙස නම් කර තහනම් කළ අපහාසයම මොනතරම් ප්‍රබලදැයි විමසූ මන්ත්‍රීවරයා කටාරයට ආධාර ඉල්ලන්න  රෙදි ඇඳගෙන නම්  මේ ආණ්ඩුවට යා නොහැකි බව පෙන්වා දුන්නේය.

අවසානයේ දී ත්‍රස්තවාදී අරමුදලක් ලෙස තහනම් කළ කටාර් චැරිටි අරමුදල එසේ නොවන බව පෙන්වා කටාරයේ සිට තහනම  ඉවත් කිරීම ප්‍රකාශයට පත් කිරීමට කාංචන විජේසේකර බලශක්ති ඇමතිවරයාට සිදුවීම රටක් ලෙස අප පසුකල දුර්වල රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේ දුගී කම පෙන්වා දෙන බව ද මන්ත්‍රීවයා කීවේය.

“ ගෝඨාභය රාජපක්ෂ ගෙ පාලනය ගැන කටාරය විතරක් නොවෙයි, කිසිම  අරාබි රටක් පැහැදීමක් නෑ.   සෞදි ආරාබියේ ගොඩාක් සංවිධාන මේ රටේ  වැඩ කළා. ඒ වැඩ සියල්ලම නතර කළා  මේ ආණ්ඩුවෙ මුග්ධ හැසිරීමත් එක්ක. “

සෞදි අරාබියෙන් 2019 වනවිට ලැබුණු මේ ආණ්ඩුව නැති කරගත් ආධාර ප්‍රමාණය…

“ලෝකයේ ඉස්ලාමීය රටවල්වල සංවිධානයක්  තියනවා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය.    ලෝකයේ මුස්ලිම් රටවල් 57ක් ඒ සංවිධානය තුළ ඉන්නවා. ඒ සංවිධානයේ ලේකම් වරයා සෞදි රජ පවුලෙ සාමාජිකයෙක්.   ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තියන කොවිඩ් භූමදාන ලංකාව තුළ ක්‍රියාත්මක කරන්න කියලා ඔවුන් කාරුණික ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කළා.  සාකච්ඡාවකට හෝ නොගොස්  ඔහු එය විසි කරලා දැම්මා.“

“ කටාර් චැරිටි එක කියන්නෙ කටාර් රජතුමාගෙ  අරමුදල.  එක තමයි  මේ අය බෑන් කළේ.       ඒ ෆන්ඩ් එක සීස් කළා.  මිලියන 300ක් සල්ලි එහි  තිබුණා. ඒ සල්ලි රාජසන්තක කළා.  සරත් වීරසේකර කිව්වා මේ ෆන්ඩ් එක ත්‍රස්තවාදීන්ට උදව් කරනවා කියල සාක්ෂි තියනවා කිව්වා. එහෙම ත්‍රස්තවාදී  සංවිධානයකට ආධාර දෙන  අරමුදලෙ තහනම ඇයි එක්වරම ඉවත් කළේ. එහෙම කරන්න පුලුවන් ද රටේ නීතිය අනුව. මොනව ද මේ වැඩ…. අපි ලෝකයට විහිළු සපයන ජාතියක් ද?“

කටාර් චැරිටි එකට මසෙකට ලක්ෂ දෙකක් ඩොලර් ආවා. මේ රටේ ළමයින්ගෙ සුබ සාධන වැඩවලට. ඒක නැවතුනා. කටාර් චැරිටි ෆන්ඩ් තියන්නෙ ලෝකයේ රටවල් හතක විතරයි. අපේ රටේ පටන් ගත්තේ 2017. ඕපන් කළේ සජිත් ප්‍රේමදාස.  ඒකෙ ප්‍රතිලාභ ලැබුනේ   පොඩි ළමයින්ට.  අනාථ කඳවුරු වල ඉන්න පොඩි ළමයින්ට. වාර්ගික භේදයක් තිබුණෙ නැ ඒ අරමුදලෙ සමාජ කටයුතුවලට.  කෙත්තාරාම පන්සලේ ඉස්කෝලෙ ගිය නැති අම්මා තාත්තා නැතිව වැඩුණු ළමයින් වෙනුවෙන් පවත්වාගෙන ගිය අධ්‍යාපන ආයතනයෙ දි ඒ දරුවො පෝෂණය කළෙත් කටාර් චැරිටි ෆන්ඩ් එක. ඒ සියල්ල ඉවරයි.

අන්තිම නින්දිත අපහාස ඒ රටවල් වලට කරලා, ජාත්‍යාන්තරව ප්‍රතිරූපයට ඉතා විශාල හානියක් කරලා දැන්   ලජ්ජා නැතිව තෙල් ඉල්ලන්න යනවා.

තෙල් තියා වතුරවත්  දෙන්නෙ නෑ  මෙහෙම මිනිස්සුන්ට.

මන්ත්‍රීවරයා දීරඝ පැහැදිලිකිරිම නිම කළේය.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ජූලි 01දා ඇරඹීමට නියමිතව තිබූ ඉන්දියා – යාපනය ගුවන් ගමන් නැවතුන හේතුව දේවානන්දා කියයි….

Next Post

බෙම්මුලේ දී  පොලිස් වෙඩි පහරින් පාතාල සැකකරුවෙක් මිය යයි…

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • රෂ්ඩිට ප්‍රහාරය එල්ල වී ස්වල්ප වේලාවකින් පසු...

    ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist