ලලිත් චාමින්ද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවමත් ජනාධිපති ධුරයේ රැදි සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා බවත් එම නිසා පොහොට්ටුව නියෝජනය කරණු ලබන තමන් ඇතුළු රාජ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු රාජ්‍ය ඇමතිධුර වලින් ඉවත් කිරිම කෙතරම් සදාචාරාත්මක ක්‍රියාවක්ද කියා සිතා බැලිය යුතුව ඇති බැව් හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තවමත් අලුත් ජනවරමකින් ජනාධිපතිධුරයට පත්වි නොමැති බව සඳහන් කළ හිටපු රාජ්‍ය ඇමතිවරයා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ගනු ලැබු තින්දුවක්ට අනුව තමන් ඇතුළු ඉවත් කරණු ලැබු රාජ්‍ය ඇමතිවරුද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දි ඡන්දය ප්‍රකාශ කළ බවද හෙතෙම පවසයි.
ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් අපේක්ෂකයකු ඉදිරිපත් කොට ඇති නිසා පක්ෂයේ තින්දුවට අනුව පක්ෂයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහයෝගය ලබා දෙන බවද හිටපු රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි.
තමන් කටයුතු කර ඇත්තේ පක්ෂයේ තින්දුව අනුව බව සඳහන් කළ හිටපු කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා ඇමතිධුරයෙන් ඉවත් කිරීමෙන් තමන්ගේ දේශපාලන ගමන කිසිවෙකුටවත් නතර කිරිමට නොහැකි බවද පවසයි.
තමන් එදා තමන් යහපාලන රජයට සහයෝගය ලබා නොදිම නිසා තමන් සහ රමේෂ් පතිරණ ඇමතිවරයා ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ බවද හෙතෙම සිහිපත් කළේය.
ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ වරාය හා ගුවන්සේවා ඇමති ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්ධික අනුරුද්ධ,වාරිමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරු සිය රාජ්‍ය අමාත්‍යධුර වලින් ඉවත් කරණු ලැබිය.
කෙසේවුවද ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂට සහයෝගය ලබාදෙන ඩි.වි.චානක, හා ප්‍රසන්න රණවිර යන රාජ්‍ය ඇමතිවරු සිය ධුරවලින් ඉවත් කිරිමට කටයුතු කර නොතිබුණි.







