ශ්‍රියානි විජේසිංහ –
මෙරට ජනගහනයෙන් මිලියන 3ක් දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා අතර මින් ලක්ෂ 3ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවය පත්ව ඇතැයි අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල සඳහන් කරයි.
අන්ධභාවයට පත්වෙන වැඩිම පිරිස වයස අවුරුදු 25 – 74 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් යැයි ද හඳුනාගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සියයට 27 ක් දියවැඩියා රෝගයට ගොදුර වී ඇති අතර ග්‍රාමීය ප්රදේශයන්ගේ මෙම ප්‍රතිශතය සියයට 8ක් යැයි විශේෂඥවරයා පෙන්වාදේ.
වසර 2021දී මිලියන 531 ලොව පුරා දියවැඩියා රෝගයෙන් පෙලෙන බව සොයා ගෙන ඇති අතර එම ප්‍රමාණයෙන් සියයට 35ක් නැතහොත් මිලියන 145 දියවැඩියාව හේතුවෙන් දෘෂ්ඨි විතානයේ යම්කිසි දෘෂ්යාබාදයකට පත්වෙන අතරම මිලියන 45ක් අන්ධභාවයට පත්වෙන බවද විශේෂඥවරයා පෙන්වා දේ.
වසර 2030 වන විට මෙම සංඛ්‍යාව මිලියන 643 ක් වෙන බවත් වසර 2040 වන විට මිලිය 783ක් බවත් ඇස්තමේන්තු කර ඇත.
හෙටට (14) යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේදී අද පැවති සම්මන්ත්‍රණයකදී මෙම අදහස් පළකරන ලදි.