පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරියත් පවතින බවත් උතුර, උතුරුමද, මධ්‍යම හා ඌව පළාත් සඳහා අද (27) දිනයෙත් මිලිමීටර් 150ක් වැසි තත්තවයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහාද මිලිමීටර් 100ක පමණ වර්ෂාවක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
මේ අතර දිවයින ඇතුළත පැයට කිලෝමීටර් 60ක පමණ සුළඟේ වේගයක්ද දිවයින වටා මුහුදු ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයක සුළං තත්තවය ඇතිවිය හැකි බවත් ධීවර හා නාවික කටයුුතු වලින් වැළකී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින වැඩි තත්තවය හේතුවෙන් මහවැලි, ගිං, නිල්වලා, කැලණි, මුංදෙනියාරු, අත්තනගලු ඔය, දැදුරු ඔය, කුඹුක්කන් ඔය, මහ ඔය, කළා ඔය, කළු ගඟ හී ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන, බදුල්ල, මහනුවර, මාතලේ, නුවර එළිය දිස්ත්‍රික වල හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඉවත්වීමේ නිවේදන නිකුත් කර ඇත.
දිස්ත්‍රික්ක 15ක පවුල් 1079ක් බලපැමට ලක්ව ඇති අතර පුද්ගලයින් 11 දෙනකු මරණය පත්ව ඇති බවද අපදා කළමනාකාරණ මධ්‍යස්ථානය වැඩ්දුරටත් සඳහන් කරයි.







