දිනසේන රතුගමගේ –
යාපනය පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබියදී ඩෙල්ෆ්ට් දකුණ ශ්‍රී සිත්ති විනයාගර් කෝවිලේ සෞඛ්‍ය බලධාරීන්ගේ නීති කිසිවක් අනුගමනය නොකරමින් මහා පූජාවක් ඊයේ ( 21 ) පවත්වා තිබේ.
මේ පූජාවට අති විශාල ජනකායක් සහභාගී වී සිටියද බැතිමතුන් හෝ පූජකවරුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් කිසිවක් අනුගමනය කොට නොමැත.
අවම තරමින් මුඛ ආවරණ හෝ මේ පිරිස පැළද නොසිටියත් සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කොට නොමැත.