මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයා සිය සේවයෙන් ඉවත්ව , රට හැර යාම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ.
සිද්ධියට හේතුවූ කරුණු කාරණා හා ඔහුට එල්ලවූ බාහිර බලපෑම් පිලිබදව එම විමර්ශනයෙන් ආවරණය විය යුතු බවද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
අදාල සිදුවීම ්සම්බන්ධව වහාම හොයා බලන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ