දිනසේන රතුගමගේ –
අගෝස්තු මස 15 වෙනිදා උතුරු නැගෙනහිර පළාත් දෙකේ පූර්ණ හර්තාලයක් දියත් කිරීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තීරණය කොට තිබේ.
මුලතිව් මුත්තයන්කට්ටු ප්‍රදේශයේදී දෙමළ තරුණයෙකු යුද හමුදාව විසින් පහරදී මරා දැමුවේයැයි චෝදනා කරමින් ඊට විරෝධය පල කිරීම සඳහා මෙම පූර්ණ හර්තාලය සැලසුම් කර ඇත.
ඒ අනුව එදිනට උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසැල් වසා දැමෙන අතර පෞද්ගලික අංශයේ බොහෝ ක්‍රියාදාමයන් අඩපණ වන බව හර්තාලය සංවිධානය කරන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යට ප්‍රකාශ කළේය.
යුද හමුදාව ඉතා දීර්ග කාලයක් උතුරු නැගෙනහිර පළාත්වල සිටීම හේතුවෙන් මෙවැනි තත්ත්ත්වයන් සිදුවන බව පෙන්වා දෙන සුමන්ත්‍රිරන් මන්ත්‍රීවරයා වහාම රජය එම ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කරවා ගත යුතු බවද ප්‍රකාශ කරයි.







