ලොව පුරා ත්‍රස්තවාදයට මුහුණ දීමට වොෂින්ටනය කැපවී සිටින බවත්, 26/11 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන ලෙසට දිගටම ඉල්ලා සිටින බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදන්ට් පටෙල් පැවසුවේ 26/11 මුම්බායි ප්‍රහාරයේ චූදිතයෙකු වන තහවුර් රානා පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය තවමත් ’සිදු කෙරෙමින්’ පවතින්නාක් බවයි.
“ඔයාලා සඳහන් කර ගත්තා වගේ, මේක තවමත් සිදු කෙරෙමින් පවතින කාරණාවක්.. ඒ නිසා, මට ඒ ගැන නිශ්චිත අදහසක් නෑ.. සිදු වෙමින් පවතින කාරණයක් සම්බන්ධයෙන් මම අදහස් දක්වන්න යන්නේ නැහැ… පිටුවහල් කිරීමේ කාරණයකදී අවශ්‍ය නිශ්චිත පියවර අධිකරණ දෙපාර්තමේන්තුවට ගෙනහැර දැක්විය හැකි බව මට විශ්වාසයි..”
වේදාන්ත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සාකච්ඡවකදී පැවසූ බව ‘ද ස්ටේට්ස්මන්’ වෙබ් අඩවිය වාර්තා කරයි. “මට කියන්න පුළුවන් එකම දේ තමයි, අපි ලොව පුරා ත්‍රස්තවාදයට මුහුණ දීමට කැපවී සිටින බවත්, 2008 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පමුණුවන ලෙසට දිගින් දිගටම ඉල්ලා සිටින බවත්…”
මේ අතර මෑතකදී අවසන් වූ පාර්ලිමේන්තු සැසියේදී මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කරන ලද්දේ රානා, ඉන්දියා අධිකරණයට ඉක්මණින් මුහුණ දෙනු ඇති බව ය. එලෙසම ඉන්දියාවේ ඇමරිකානු නියෝජිත එරික් ගාර්සෙට්ටි ප්‍රකාශ කර තිබුණේ “ත්‍රස්තවාදීන් යුක්තිය ඉදිරියට ගෙන ඒම සඳහා ජාතීන් දෙකම එකට ක්‍රියා කරනු ඇති අතර අපි එය නතර නොකරනු ඇත” යනුවෙනි.