ප්රසිද්ධ සිංහල ගුරුවරයෙක්, රටේ සිස්ටම් චේන්ජ් එකක් අපේක්ෂා කරමින් අරගල කළ පුද්ගලයෙක් මෙන්ම නිරාගමික නිදහස් මත ධාරියෙක් ලෙස පෙනී සිටින උපුල් ශාන්ත සන්නස්ගල මුදල් වංචා චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන තිබේ.
චිත්රපටයක් නිශ්පාදන කාර්යයක් අතර මාසයක කාලයකින් යළි ලබා දෙන පදනම මත රුපියල් ලක්ෂ 10ක මුදලක් පුද්ගලයෙකුගෙන් ලබාගත් උපුල් ශාන්ත සන්නස්ගල එම මුදල පොරොන්දු වූ ලෙස යළි ගෙවීම ප්රතික්ෂේප කිරීම සම්බන්ධව වින්දිත පුද්ගලයා කඳාන පොලිසියට කළ පැමිණිල්ලක් විමර්ශනය කළ පොලිසිය උපුල් ශාන්ත සන්නස්ගල අත් අඩංගුවට ගෙන ඇත.
මින් පෙර පොලිසියට කැඳවු අවස්ථාවේ දී පොලිසිය පැහැදිලිව අවවාද කර ඇත්තේ සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවක් ගොනුවිය හැකි බැවින් හැකි ඉක්මනට මෙම මුදල ගෙවන ලෙසය. එහෙත් මුදල් ගෙවීම දිගින් දිගටම පැහැර හැරි තත්ත්වය තුළ සන්නස්ගල කඳාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.