බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් ඇමතිගෙන් බය හිතෙන කතාවක් – සංචිත ඩොලර් මිලියන 50ට හිඳෙයි!

by Lankasara News
මැයි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ආර්ථිකය මේ වනවිට අති භයානක උවදුරකට ආසන්න වී ඇති බවත් දැනට රට සතුව භාවිතයට ගත හැකි විදේශ සංචිත ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් පමණ බවත් මුදල් අමාත්‍ය අලි සබරි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව අද පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ආර්ථික පසුබෑමට මුල් වූ ප්‍රධාන කරුණක් වූ වර්තමාන රජය බලයට පැමිණි පසුව සිදු කරන ලද බදු අඩු කිරීමේ පියවර ඓතිහාසික වැරැද්දක් බවද ප්‍රකාශ කළේය.

පවතින අර්බුදය හමුවේ මූල්‍යාධාර ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තමන් සිදුකළ සාකච්ඡා පිළිබඳ වද එහිදී පාර්ලිමේන්තුවට කරුණු දැක්වූ මුදල් අමාත්‍ය අලි සබ්රි මෙම සාකචඡා සාර්ථක වූ බවත් ඉදිරියට ඇත්තේ එම ණය ලබා ගැනීමට අදාළ පූර්ව කටයුතු පිළියෙළ කිරීම බවත් සඳහන් කළ අතර එහිදී පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම රාජ්‍ය ආදායම් වැඩි කිරීම සහ වියදම් අඩු කිරීම සම්බන්ධයෙන් වැඩ අවධානයක් දැක්විය යුතු බව ද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මුදල් අමාත්‍යවරයා

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අවශ්‍ය ණය ලබා ගැනීමේ මූලික පියවර අවසන් වීමට අඩුම තරමින් මාස හයක්වත් ගත වෙවි. මේ අතර කාලය තුළ ශ්‍රි ලංකාවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපට ජාත්‍යන්තර ආයතනවලින් රටවල්වලින් උදව් ගන්නට සිදුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රි ලංකාව යාම පිළිබඳව විරෝධය දැක්වූ චීන තානාපතිතුමා මම හමුවුණා. ඔහු සාකච්ඡාවෙන් පසු අපේ ණය ලබා ගැනීමේ වැඩසටහට චීනයේ සම්පූර්ණ සහයෝගය පළ කළා. ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන මූල්‍ය සහනයක් වන කඩිනම් මූල්‍ය උපකරණ (Rapid Financing Instruments) තුළින් හදිසි මූල්‍ය ආධාර ලබා ගැනීමට සහය පළ කළා. ඒ මුදල් ලබා ගැනීමටත් අපට අපේ ණය ප්‍රතිව්‍යූහගත වැඩපිළිවෙළ සාර්ථක විය යුතුයි. ඉන්දියාවෙන් අපට ලැබුණු ඉන්ධන ණය යෝජනා ක්‍රමයට අමතර ව තවත් ඩොලර් මිලියන 500ක ණය යෝජනා ක්‍රමයක් සහ ඩොලර් බිලියනයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ ණය පහසුකම් ක්‍රියාත්මක කර තිබෙනවා.ලෝක බැංකුව මේ වනවිට ඩොලර් මිලියන 400ක ණයක් ලබා දී තිබෙන අතර එය මිලියන 700ක බවට පත් කර ගැනීමට අප සාකච්ඡා කරනවා. මේ වනවිටත් එම මුදල්වලින් රටේ අසීරුතා ඇති පවුල් මිලියන 3.3කට සහන සලසා දීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙනුත් ආධාර ඉල්ලා තිබෙනවා“ යැයි සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයේ කෙළවර හමුදා පාලනයක් ද?. විග්නේස්වරන් සැකයෙන්…

Next Post

නියෝජ්‍ය කතානායක තේරීම හෙට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.