කීර්ති ප්‍රනාන්දු –
මීගමුව රෝහලේ 8 වැනි තට්ටුවෙන් ඇදවැටී අද (17) උදේ කාන්තාවක් මියගොස් තිබේ.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මීගමුවේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.
බඩේ අමාරුවක් සඳහා ප්‍රතිකාර ගැනීමට දින දෙකකට පෙර රෝහල් ගතවූ මෙම කාන්තාව අද ප්‍රතිකාර හමාර කර රෝහලෙන් ටිකට් කැපූ පසු මෙම අනතුරට මුහුණ දී ඇත.
රෝහල් පොලිසිය ප්‍රකාශ කරන්නේ ඇය මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි බවට අනාවරණය වී ඇති බවත්, සිද්ධිය සිය දිවි නසාගැනීමක් යැයි සැක කරන බවත්ය.
රෝගියා සම්බන්ධ ඥාතීන් මේ වනතුරුත් ඉදිරිපත් වී සිටියේ නැත. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







