මීගමුව පොල්තෙල් තොග ව්‍යාපාරිකයෙක් මුහුණුපොතේ පලකළ දැන්වීමකට අනුව දුරකථනයෙන් අමතා රිකිල්ලගස්කඩ ප්‍රදේශයට රුපියල් හය ලක්ෂ දෙදදහසක් පමණ වටිනා පොල්තෙල් කිලෝ 1080ක් ගෙන්වාගෙන එම පොල්තෙල් තොගය සැලසුම් සහගත ලෙස වංචා කළ පුද්ගලයෙක් සම්බන්ධව හඟුරන්කෙත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
මීගමුව ප්‍රදේශයේ පොල්තෙල් තොග ව්‍යාපාරිකයෙක් සිය ව්‍යාපාරය ප්‍රචාරය කරගැනිම සඳහා මුහුණුපොතේ දැන්වීමක් පළ කර තිබේ. එම දැන්වීමට අනුව රිකිල්ලගස්කඩ ව්‍යාපාරිකයෙක් යැයි තමන් හඳුන්වා දුන් පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත.
තම ව්‍යාපාරයට සති පතා පොල් තෙල් තොග අවශ්‍ය බැවින් පොල්තෙල් බූලි 60ක ඇනවුමක් කර එය වාහනයකින් ප්‍රවාහනය කර දෙන ලෙසත් වාහන කුලිය සහ පොල්තෙල්වල මිල තෙල් තොගය ගෙනා පසු පියවන බවත් කතා කළ තැනැත්තා පවසා ඇත.
තමන් වෙත සති පතා ලැබෙන්නට යන විශාල ඇනවුම සම්බන්ධව මහත් ප්‍රීතියට පත් තොග වෙළෙඳකරු පොල්තෙල් තොගය රුපියල් 25000කට කුලියට ගත් වාහනයක පටවාගෙන රිකිල්ලගස්කඩ නියමිත ස්ථානයට පැමිණ තිබේ.
තෙල් තොගය රැගෙන ආ පසු ඇනවුම ලබා දුන් පුද්ගලයා පොල්තෙල් පිරවූ බූලි ටික වෙළෙඳසලෙන් බාගෙන හිස් බූලි සහ මුදල් තමන්ගේ අනෙක් වෙළෙඳසලෙන් ලබා ගන්නා ලෙස දන්වා ඔහුගේ සේවකයෙක් යැයි හඳුන්වා දුන් පුද්ගලයෙක් වාහනයට නන්වා තිබේ.
වාහනය දැන් බොහෝ දුර අතුරු මාර්ගවලින් සේවකයා යැයි කියූ පුද්ගලයා රැගෙන යමින් ඇත. සැක සිතුන ද නිශ්ශබ්දව වාහනය රැගෙන යද්දි කැලෑ මණ්ඩියක් අසල වාහනය මදක් වේගය අඩුවෙත්ම වාහනයෙන් පැනගත් ගෝලයා වන දහනට වැදී අතුරුදහන්ව ඇත.
කරකියාගත හැකි දෙයක් නොවූ පොල් තෙල් ව්‍යාපාරිකයා වාහනයත් ආපසු හරවාගෙන තමන්ගේ පොල් තෙල් දුන් ව්‍යාපාරික ස්ථානයට යනවිට එම වෙළඳසල වසා දමා තිබි ඇත. තමන්ට ඇනවුම් ලබා දුන් දුරකථන අංකයද විසංධි වී ගොස්ය.
මේ සම්බන්ධව හඟුරන්කෙත පොලීසියට පැමිණිලි කිරීමට පොල්තෙල් තොගය රැගෙන පැමීණි පුද්ගලයා පියවර ගත්තේය. පරීක්ෂණ කටයුතු ආරම්භ කළ පොලිසියට හෙළිවූයේ පොල්තෙල් ඇනවුම්කරු අදාළ කඩකාමරය රුපියල් 10000 ක් ගෙවා දිනකට කුලියට ගෙන ඇති බවත් එසේ ගෙන ඇත්තේ මෙම වංචාව සදහාම බවත්ය.
සීද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.