ශ්‍රියානි විජේසිංහ –
මිහින්තල ප්‍රදේශයේ දරුවන් 13 දෙනෙකුට අසාත්මිකතා ඇති කල ඖෂධයන් භාවිතයෙන් තාවකාලිකව මිහින්තල රෝහලෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
අසාත්මිකතා ඇතිකල ඖෂධ වර්ග දෙක මේ වන විට භාවිතයෙන් ඉවත් කර අදාල රසායනාගාර පරික්ෂණයන් සඳහා කොළඹ එවා ඇති බවද අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සොවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ පැවසුවේය.
මේ දිනවල පැතිර යන සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම් රෝගයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා මිහින්තල රෝහල වෙත රැගෙන ගිය දරුවන්ට ලබා දී ඇති Prednisolone සහ Domperidone යන ඖෂධ වලින් ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් අනුරාධපුර රෝහල වෙත දරුවන් 13 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඊයේ (14) ඇතුළත් කර තිබිණි.
මිහින්තල රෝහලෙන් ලබා දුන් මෙම ඖෂධ දරුවන්ට වරු දෙකක් තුනක් දෙනවිට , එකවරම දරුවන්ගේ කටවල් ඇදවී දිව එළියට විත් බෙල්ල කඩා වැටීමේ බරපතල රෝග ස්වරූපයක් පෙන්නුම් කර තිබිණි.
මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් 11 දෙනෙකු මිහින්තලය රෝහලට ඇතුළත් කළ බවත් එම දරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර එවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කීවේය. තවත්දරුවන් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට කෙලින්ම ඇතුලත් කර තිබිණි.
කෙසේ නමුත් දරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මෙම දරුවන් ට අද දිනය තුළදි නිවෙස් බලා යාමට හැකි වනු ඇති බවත් ලංකාසර කළ විමසුමකදී රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.







