දින ගණනාවක මෙහෙයුමක්
කුඩු ගේන්න යාත්‍රා දෙකක් ගිහින්
ගෑස් සිලින්ඩර අස්සේ සඟවලා !
මිරිස්ස පොල්අතුමෝදර ආශ්‍රිත මුහුදු තීරයේදී අද අලුයම සිදු කළ මත්ද්‍රව්‍ය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 200කට ආසන්න කුඩු තොගය කොස්ගොඩ සුජී නැමැති දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙහෙයවීමෙන් ගෙන්වා ඇති බව මේ වනවිට අනාවරණය කරනෙ තිබේ.
පාකිස්තානයේ සිට යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙනවිත් ඇති මෙම කුඩු තොගය පසුව බහුදින ධීවර යාත්‍රාවකට පටවාගෙන ඇති අතර එම යාත්‍රාවෙන් තවත් කුඩා ධිවර යාත්‍රාවකට පටවාගෙන ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ පුද්ගලයන් අට දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට අදාළ බහුදින යාත්‍රාවද එහි සිටි පුද්ගලයින් සමඟ ග්‍රහණය කරගැනීමට හැකිව ඇති ව සඳහන් වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවය සහ නාවික හමුදාව වෙරළාරක්ෂක අංශ එක්ව මෙම වැටළීම සිදු කර ඇති තර එය දින ගණනාවක මෙහෙයුමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණත සඳහන් කළේය.
පසුගිය මැයි මස 11 වැනි දින පිටත් වු බහුදින ධීවර යාත්‍රාවක් මෙම මත්කුඩු තොගය ජාත්‍යන්තර ජාවාරම්කරු අතින් ලබාගෙන ඇති බවට සැලකෙන අතර මෙම මත්කුඩු තොගය ගෑස් සිලින්ඩර සහ සහ පෙට්ටිවල අසුරා ප්‍රවාහනය කර ඇති බව සඳහන් වේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ ජාලවලින් ලද තොරතුරු මත එම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත පුද්ගලයන්නේ කළ ප්‍රශ්න කිරීමේදි මෙම කුඩු තොගය දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී ඇති බවට සැක කෙරන කොස්ගොඩ සුජී නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් මෙරටට ගෙන්වන ලද ඒවා බවට අනාවරණය කරනෙ තිබේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ විමර්ෂණ සහ මෙහෙයුම් සිදු කෙරමින් පවතී.