ශ්‍රියානි විජේසිංහ –
-
රෝහලට එන විට රෝගියාගේ රුධිර පීඩනයවත් බලා ගන්න බැරි තරමට අඩු වෙලා… නාඩි වැටීම හඳුනාගන්නවත් බැරි වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි…
මරණාසන්නව සිටි රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත් බදුල්ල රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතාට බැණවැදී පහර දීමට තැත්තල පුද්ගලයෙකු රෝහල් පොලිසිය මගින් අද (19) උදෑසන අත් අඩංගුවට ගෙන ඇත.
අද උදෑසන 9.00ට පමණ වයස අවුරුදු 25ක පමණ වයසැති තරුණයෙකු රෝහල් ගත කර ඇති අතර එසේ රෝහල් ගතකරන අවස්ථාවේදී පවා ඔහුගේ නාඩි පවා නොවැටීම හේතුවෙන් රුධිර පීඩනය මැනබැලීමටවත් නොහැකි වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි..
අනතුරුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා මරණාසන්නව සිටි මෙම තරුණයාගේ ජීවිත ගොඩගැනීමට වෛද්‍ය රාජපක්ෂ කටයුතු කර තිබේ.
මෙම තරුණායට ප්‍රතිකාර ලබාදෙන සියලුම සිදුවීම් ඔහුව රෝහලට රැගෙන ආ අනෙක් තරුණයා වීඩියෝගත කර ඇති බවත් එය නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් එම විඩියෝව මුළුමනින්ම මකා දමන ලෙස තරුණයාට අවවාද කළද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ එම තොරතුරු රක්ෂණ සමාගමක් වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවය.
කෙසේ නමුත් වෛද්‍යවරයාගේ දැඩි බලපෑම මත මෙම දර්ශන මකා දැමීමට ඔහුට සිදු වූ බවත් ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු වෛද්‍ය රාජපක්ෂට බැණවැදී පහරදීමට උත්සහ කර ඇති බවත් වාර්තාවේ.
වෛද්‍යවරයාට බැණවැදී පහරදීමට තැත්කළ පුද්ගලයා සහ වීඩියෝගත කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.
මෙසේ වෛද්‍යවරයාට බැණ තර්ජනය කර ඇත්තේ මරණයෙන් ජිවිතය බේරාගත් තරුණයාව රෝහලවෙත රැගෙන ආ ඔහුගේම යහළුවන් පිරිසකි.
අපි මේ සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂගෙන් විමසු විට ඔහු සඳහන් කළේ විස සහිත සතෙකුගේ දෂ්ඨ කිරීමක් හේතුවෙන් විෂ ශරීර ගතවී අසාත්මිකතාවකට ලක්ව සිටි තරුණා රෝහලට රැගෙන එන විට මරණාසන්ව සිටි බවත් ඔහුගේ නාඩි පවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුධිර පීඩනය හෝ මැනබැලීමට නොහැකි තත්ත්වයක් තිබු බවත්යි.
කෙසේ හෝ තම සහෝදර වෛද්‍යවරුන් දෙදෙනෙකුගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයින් පසුව එම තරුණයාගේ ජීවිතය බේරාගැනීමට හැකිවීම සතුටක් යැයිද වෛද්‍ය රාජපක්ෂ පැවසුවේය.







